වසර 20 ක් පුරා ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාව වෙත නම්‍යශීලී මූල්‍ය සේවාවන් තිළිණ කළ HNB FINANCE PLC වැලිමඩ ශාඛාව අංක 44, නුවර පාර වැලිමඩ යන ලිපිනයෙහි වඩාත් ඉඩ පහසුකම් සපිරි ගොඩනැගිල්ලකට පසුගියදා ගෙන යන ලදී. රටේ පවතින නිරෝධායන නීතිවලට අනුව යමින් ඉතා සීමිත ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයකින් යුතුව ඉතා චාම් අන්දමින් සිදුකරන ලද අභිනව HNB FINANCE වැලිමඩ ශාඛාව විවෘත කිරීම ප්‍රාදේශීය කළමනාකාර ගාමිණී ආරියසිංහ සහ නියෝජ්‍ය ප්‍රාදේශීය කළමනාකාර කුශාන්ත වීරසිංහ යන මහත්වරුන් අතින් සුබ මොහොතින් සිදු කෙරුණු අතර එම අවස්ථාවට HNB FINANCE හි වැලිමඩ ශාඛාවේ නිලධාරීහුද සහභාගි වූහ.