ලංකාවේ ප්‍රධාන විදුලි ව්‍යාපෘතියක් සදහා අමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලබා ගැනීමට විදුලි බල මණ්ඩලය චීනයේ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් Asian Infrastructure Investment Bank (AIIB) අමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලබා ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
මෙම සාකච්ජා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව ද දැනගන්නට ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම විදුලි ව්‍යාපෘතිය මීට පෙර ජපානයේ ජයිකා ආයතනය මගින් සිදුකිරීමට එකගතාව පළ කොට තිබීමය.
නමුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අධික වියදමක් බව කියමින් ජපානය සමග අස්සන් කර තිබූ මාලඹේ සිට කොටුවට කණු මත දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඒකපාර්ශ්විකව අත්හිටුවීමත් සමග ජපානය මෙම විදුලි ව්‍යාපෘතියෙන්ද ඉවත් වීමට පියවර ගෙන තිබිණ.