AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සිය සුවතා සේවා රැස අතරට තවත් නවතම සේවාවක් හඳුන්වා දෙයි. AIA හි සියලුම සේවාලාභීන් හට දැන් දන්ත වෛද්‍ය උපදේශන සේවා සඳහා 15%ක විශේෂිත වට්ටමක් ඕනෑම ‘My Dentist’ සායනයක් වෙතින් ලබාගැනීමේ හැකියාව ඇත.
මේ ඔස්සේ දත් පිළිසකර කිරීම්, සාමාන්‍ය දන්ත වෛද්‍ය සේවා, ළමා දන්ත වෛද්‍ය සේවා, සිනාවේ පෙනුම වැඩිදියුණු කිරීමේ සේවාවන්, දන්ත චිකිත්සක සේවා, අනෙකුත් විශේෂිත දන්ත වෛද්‍ය සේවා, මුඛ සහ උඩුහනු ආශ්‍රිත විශේෂිත දන්ත වෛද්‍ය සේවා ඇතුළුව එම සේවාවන්ට පමණක් සීමා නොවූ තවත් විවිධ සේවා රැසක් පිරිනැමෙනු ඇත.











