• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පන්සලේ නිධානය බේරාගන්න ගෙයින් ගෙට ගිය බහිරවයා…

February 20, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 5 mins read
A A
පන්සලේ නිධානය බේරාගන්න ගෙයින් ගෙට ගිය බහිරවයා…
Share on WhatsAppShare on Facebook

වර්ෂය 1989යි. දවස අමාවක දවසකි. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් එක්තරා ප්‍රදේශයක පරිසරය ඝන අඳුරින් වැසී ගොස් තිබුණේය. මධ්‍යම රාත්‍රිය උදාවෙමින් ඇති බව කියාපාමින් රාත්‍රී එකොළහයි හතළිස් පහට ධාවනය කෙරෙන දුම්රියේ හඬ කොළඹ දෙසින් පටන්ගෙන කුරුණෑගල දෙසින් නොඇසී ගියේය.

පරිසරයේ අඳුරු ගුප්ත මූසල ස්වභාවයට උඩගෙඩි දුන් එවක පැවැති භීෂණ ස්වභාවය නිවෙස් තුළට ජනයා ගුළිකරවා සිරකර සඟවා තබන්නට සමත් වූවා විය යුතුය. ඈතින් ඇසෙන ඕනෑම හඬකට තිගැස්සීමේ පුරුද්දකින් එවක ජනයා පීඩා වින්දෝය. විටින් විට නරියකු හූ තැබුවද බල්ලකු උඩුබිරුවද කිරලකු හඬ නැඟුවද තමාගේ මාරයා එතැයි සිතා සුසුම් හෙළන්නට ජනයා හුරුව සිටියහ.

නිවෙස් දොරකඩ ජනේලයකට සුළඟකට ගසාගෙන එන කොළ රොඩ්ඩක් දැවටුණද ඒ හඬින් තිගැස්සෙන එක එවක ජනයාට පුරුද්දක්ව තිබිණි. විවිධ සම්වලින් විවිධ වර්ණයන්ගෙන් යුත් මාරයන් තමා ඩැහැගන්නට පැමිණෙතැයි සිතූ තරුණ තරුණියන් බහුතරයක් ජීවත් වූයේ සිඟවිලාය. ඇතැම් වැඩිහිටියන් නිවෙස් තුළම මහ පොළොව හාරා තම දරු පැටවුන් හංගාගන්නට බංකර් හදාගෙන සිටියේය. තවකෙකු සිටියේ දුම් මැස්සේය. නැතහොත් පැදුරු ආනේය. එසේත් නැතිනම් වී බිස්සේය. ඒ කොයි මොහොතේ හෝ මාරයා එතැයි බියෙනි.

මේ තත්ත්වය හමුවේ කිසිවකු කිසිම හඬකට නිවෙසේ දොර හැරියේ නැති තරම්ය. එයින් ප්‍රයෝජන ගත් හොර සතුරෝ භීෂණයේ අන්ධකාරයෙන් අතුරු ඵල නෙළද්දී එක්තරා නිවෙසක දොරකඩින් අමුතු කටහඬක් ඇසුණේය.

‘පන්සලේ නිධානයක් හාරනවා’
‘පන්සලේ නිධානයක් හාරනවා’
‘පන්සලේ නිධානයක් හාරනවා’

මේ වචන තුන විටින් විට තුන් වතාවක් ඇසුණද ඇතුළත සිටි කිසිවකු එය විශ්වාස කරන්නට හෝ දොර හැර විමසන්නට උනන්දු වූයේ නැත. ඒ පණ බය නිසාය.

මේ ආකාරයට එම වචන තුන ගමේ නිවාස ගණනාවක දොරටුව අසලින් ඇසුණද ඒ සියලු නිවෙස්හි දොර ජනෙල් තවත් තද වූවා මිස විවර වූයේ නම් නැත.

කිසිවකුට ගමේ යැයි හුරුවක් නොවූ මේ අමුතු පණිවුඩකරුවා අවසන් වතාවට ගියේ ගමේ කඩේ ළඟටය.

‘පන්සලේ නිධානයක් හාරනවා’

එම හඬ ඇසුණු මුදලාලි මහතා වේගයෙන් නැඟිට ගත්තේය. නාහෙට නාහන ස්වභාවයකුත්, පන්සලේ ස්වාමින්වහන්සේ ගැන ගෞරවයකුත්, සඟ සතු දේ ගැන භක්තියකුත් තිබූ හෙතෙම වහ වහා සිය මෙට්ටය යට තිබූ කස්තානයද රැගෙන මිදුලට බැසගත්තේය. පණිවුඩය කියූ පුද්ගලයා පන්සල දෙසට දිව යනවා වැනි හඬ මුදලාලිට ඇසුණේ අඳුර අතරිනි. ඔහුද අඳුරේම ඒ පසුපසින් දිවගියේ භීෂණය ගැනත් ජීවිතයට තිබූ ආශාවත් අතහරිමිනි.

වෙනදාට පන්සලේ දැල්වෙන විදුලි බුබුළද එදින නිවී තිබිණි. හාමුදුරුවෝ බැහැරක වැඩම කර ඇතැයි වටහා ගත් මුදලාලි චෛත්‍ය දෙසට දිවගියේ විදුලි පන්දම දල්වාගනිමිනි. ඔහුගේ විදුලි පන්දමේ ආලෝකය චෛත්‍යයට වැදී ආලෝකය විසිර යද්දී ඊට එහා පසින් යම් කලබලයක හඬක්ද ඇසිණි. මුදලාලි වහා චෛත්‍යයේ අනෙක් ඉසව්වට දිව ගියේ කස්තානයද අමෝරාගෙන අසැබි වචනයක්ද කියමිනි. ඒ වන විටත් පිරිසක් පන්සල් වත්තේ පහළ කෙළවරින් පැන පාර දෙසට දිවයනු ඔහු දුර තියාම දුටුවේය. චෛත්‍යයට යාබදව තිබූ මහ පොළොව හාරා ඇති අයුරුත්, යම් පූජාවක් කර ඇති අයුරුත් ඔහු දුටුවේ එවෙලේය.

ආපසු දිවවිත් විහාරාධිපති හිමියන්ට කතා කළද ආවාසයේ උන්වහන්සේ නැතැයි තේරුම් ගත් මුදලාලි මේ මොහොතේ පොලිසියට යෑමට මහ මඟට බැසීම ගැනද දෙවරක් සිතුවේ එවක තිබූ තත්ත්වය දන්නා නිසාය. එහෙයින් වහාම ක්‍රියාත්මක වූ හෙතෙම ගමේ පාසලේ විදුහල්පතිවරයා සොයා ගොස් විස්තර පවසා ඔහුත් සමග පැමිණ උදෑසන වන තෙක්ම විහාරස්ථානය මුර කළේය. එහෙත් තමාට පණිවුඩය කියූ අය කවුරුන්ද යන්න සොයාගත නොහැකි විය. හෙතෙම ඒ බව විදුහල්පතිවරයා සමගද පැවැසුවේ තමා ඒ කටහඬ කිසිදා අසා නැති බවද කියමිනි.

පසුදා උදෑසන මේ පුවත ගම පුරා පැතිර ගියේ ලැව් ගින්නක් ලෙසිනි.

‘අනේ අපේ ගෙදර දොර ළඟටත් ඇවිත් කවුරු හරි ඔය කතාව කිව්වා. අපි බයට දොර ඇරියෙ නෑ…’ ගම්මුන් බොහොමයක් ඇත්තම කීවේය. එවැනි එක්තරා නිවෙසක දොරෙහි වූයේ සාමාන්‍ය මිනිසකුට වඩා ප්‍රමාණයෙන් විශාල අතක සටහනකි. එහි යම් තෙල් වර්ගයක් හා සමාන දෙයක් තැවරී තිබූ බවද පෙනුණේය.

පසුදා මේ කිසිවක් නොදන්නා නායක හිමියන් පන්සලට වැඩියේ කලබලයකින් තොරව වුවද සිද්ධිය අසා කලබලයට පත්ව පොලිසියට ගොස් පැමිණිල්ලක්ද කළේය.

‘කොහොමින් කොහොම හරි නිධානෙ ගන්න බැරි වුණානෙව. ඒ නිසා අපි ඕක අමතක කර දාමු. ඕවා හොරුන්ටම පඩිසන් දෙයි…’

හිමියන්ගේ කතාවට ගම්මුත් එකඟ වුවද පොලිසිය සිය පරීක්ෂණ කටයුතු අතහැරියේ නැත. විටින් විට විවිධ පරීක්ෂණ සඳහා පන්සලට පැමිණි පොලිසියට නායක හිමියන් දුන් කටඋත්තර විවිධාකාර වූ අතර උන්වහන්සේට වචන පැටලෙන ස්වභාවයක්ද, නිධානය ගන්නට පැමිණි පිරිසේ ප්‍රමාණය ගැන යම් යම් කතාද උන්වහන්සේගේ මුවින් කියැවුණේය. පොලිසිය ඒ වචන පසුපස හඹා ගොස් හිමියන්ගෙන් ප්‍රශ්න කොට සියලු රහස් හෙළිකර ගනිමින් නිදන් හොරුද කොටුකර ගත්තේය. ඊට වක්‍රාකාරව සහාය දුන් හිමියන්ද වැරැදිකරුවකු වෙද්දී ගමේ දායක පිරිස එම හිමියන් පන්සලෙන් පලවාහරින්නට කටයුතු කළහ.

‘එදා මුදලාලිට පණිවුඩේ කියලා තියෙන්නේ නිධානය රකින බහිරවයා…’

ගම්මුන් අතර එම කතාව කාලයක් යන තුරුම පැවැති අතර අදද එම විහාරස්ථානය තුළ එම නිධානය සුරැකිව අති බව කාගේත් විශ්වාසයයි. රාත්‍රියට විශාල මිනිසකු එම නිධානය සහිත ගල් තලාවේ වාඩිවී සිටින අයුරු දායක පිරිසේ බොහෝ දෙනකු දැක තිබිණි. කෙසේ නමුදු මන්ත්‍රකරුවන්ගේ යන්ත්‍ර මන්ත්‍ර නිසාම තම බලය සහිත සීමාව අතහැර යන්නට සිදුවුවද බහිරවයා තමාට කරන්නට තිබූ රාජකාරිය හරියට කරමින් ගම්මුන්ගේ උදව් ගෙන නිධානය ආරක්ෂා කළ බව අදටත් එම ප්‍රදේශයේ ජනයාගේ විශ්වාස අතරේ නොනැසී පවතී.

සත්‍ය කතාවක් ඇසුරිනි
සටහන-කුමාර රත්නායක

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස් සේවාලාභීන් වෙත ‘My Dentist’ උපදේශන සේවා සඳහා 15%ක වට්ටම්…

Next Post

ආණ්ඩුවේ ජිනීවා උත්තරය අඟහරුවාදා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.