ෆෙයාෆස්ට් ඉන්ෂුවරන්ස් සමාගම තම සමාජ සත්කාර වැඩසටහන්වල තවත් පියවරක් වශයෙන් පාසල් සිසුන් ඉලක්ක කරගෙන සෞඛ්‍ය හා සුරක්ෂිතතාව සම්බන්ධ වැඩසටහන් මාලාවක් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට කටයුතු කළේය. මෙය වර්තමානයේ පවතින සමාජ දුරස්ථකරණ සීමාවන් හමුවේ පවා අනාගත පරපුර දැනුවත් කිරීම සඳහා ෆෙයාෆස්ට් සමාගම දරන උත්සහයේ තවත් පියවරකි. ජාතික රෝහලේ පුහුණු කිරීම් ජාතික සම්බන්ධීකාරක පුෂ්පා රම්‍යානි සොයිසා මෙනවියගේ දායකත්වය සමගින් මෙම වැඩසටහන් මාලාව පවත්වන ලදී. දීර්ඝ නිවාඩුවකට පසුව පාසල් නැවත විවෘත කෙරෙමින් ඇති මේ මොහොතේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල වඩාත් ආරක්ෂාකාරී ස්ථානයක් බවට පත්කරගන්නේ කෙසේද යන්න සම්බන්ධ වැදගත් තොරතුරු මෙම වැඩසටහන්වලදී සාකච්ඡාවට ලක්විය. දිවයින පුරා පවුල් 1,000කට අධික සංඛ්‍යාවක් මෙම වැඩසටහන් නැරඹීමට එක්වූහ.
මෙම වැඩසටහන් මාලාවේ සාර්ථකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆෙයාෆස්ට් සමාගමේ කළමනාකරු (අලෙවි මෙහෙයුම් සහ ප්‍රජා සත්කාර) සුපුන් කොටුවේගොඩ මහතා මෙසේ පැවසීය. “දිවයින පුරා නිවාස 1,000ක පමණ පවුල් මෙම වැඩසටහන් නැරඹීමට එක්වීම අපට විශාල සතුටක් මේ ආකාරයට, සිසුන්ගේ ආරක්ෂාව සහතික වන පරිසරයක් පාසල් තුළ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීම ඉතාමත් වැදගත් කියා අප සිතනවා.”
මෙම මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙනයමින් ඉදිරියේදී තවත් මෙවැනි වැඩසටහන් පැවැත්වීමට ෆෙයාෆස්ට් සමාගම බලාපොරොත්තුවේ.











