ගනුදෙනුකරුවන්ට පහසුව සහ කාර්යක්ෂම සේවාවක් සැපයීමේ ලංකා බැංකුවේ අරමුණු හා දැක්ම පෙරදැරි කරගෙන ශාඛාවන් වඩාත් ආකර්ෂණීය නවීන පහසුකම්වලින් සමන්විත ඉඩ පහසුකම්වලින් සපිරි ස්ථානයන්හි ප්‍රතිස්ථාපනය කිරීම සහ වඩාත් උසස් තත්ත්වයෙන් නවීකරණය කිරීම ලංකා බැංකුව විසින් නොකඩවා කරගෙන යන්නකි.
මෙම කර්තව්‍යයේ එක් සන්ධිස්ථානයක් ලෙස යාපනය ‘මන්තිකායි’ ශාඛාව නව පරිශ්‍රයක ප්‍රතිස්ථාපනය කිරීම 2020 ජූලි මස 15 වැනිදා උත්සවාකාරයෙන් ඇරඹිණි. වසර අටක් නොකඩවා මන්තිකායි ශාඛාව එම ප්‍රදේශයේ ජනතාවට ඉටුකළ සේවය වඩාත් පහසු, කාර්යක්ෂම සහ නවීන තාක්ෂණයෙන් පිරිපුන් පරිසරයක් තුළ ඉටුකර දීම චාවකච්චේරි පාරේ, (මන්තිකායි පොදු වෙළෙඳපොළ අසල) මන්තිකායිහිදී ප්‍රතිස්ථාපනය කෙරුණි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය මහා කළමනාකරු (විකුණුම් හා හැසිරවුම් කළමනාකරණ) ඩී. අමරසිංහ, සහකාර මහා කළමනාකරු (උතුරු පළාත) සුමංගලා ප්‍රබාහරන් යන මහත්ම මහත්මීන්, කාර්ය මණ්ඩලයේ සහ ගනුදෙනුකාර භවතුන් රැසක් සහභාගී වූහ.











