ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන OPPO තම A Series දුරකථන මාලාවේ නවතම දුරකථන දෙකක් මෙරටට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. මධ්‍යම මිල පරාසයේ ත්‍රිත්ව කැමරා දුරකථනයක් වන OPPO A31 දුරකථනය දැනටමත් වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර, මූලික මිල පරාසයේ, වඩාත් විශාල බැටරියක් සහ ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත දුරකථන මාදිලියක් වන OPPO A12 මාදිලිය මෙම සතිය තුළදී වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිතය.
3GB RAM සහ 32GB ROM සමග ඉහළ තලයේ ක්‍රියාකාරීත්වයක් සහිත OPPO A12 දුරකථන මාදිලිය තුළ, සාමාන්‍යයෙන් ප්‍රධාන පෙළේ දුරකථනවල ඇතුළත් වන Rear Fingerprint Sensor, Octa-core Processor සහ AI Dual Rear Camera වැනි අංග රාශියක් ඇතුළත් වේ. එම නිසා එය මූලික මිල පරාසයේ දුරකථන මිලදී ගන්නා පාරිභෝගිකයන්ට ඉතා හොඳ තේරීමක් වනු ඇත.
4230mAh බැටරියක් සහිත OPPO A12 භාවිතයෙන් අඛණ්ඩව පැය 17ක් දක්වා වීඩියෝ නැරඹිය හැකි අතර Octa-Core ප්‍රොසෙසරය සහ MediaTek Helio P35 නිසා බාධාවකින් තොරව වීඩියෝ ක්‍රීඩාවල යෙදීමත් වීඩියෝ නැරඹීමත් සිදුකළ හැකිවේ.











