සියලුම සෙලාන් හරසර ගිණුම් හිමියන්ට ඉහළ ප්‍රතිලාභ සහ සේවාවන් රැසක් ලබා දීම සඳහා සෙලාන් බැංකුව ආසිරි රෝහල් සමූහය සමඟ හවුල්කාරීත්වයකට පිවිස සිටියි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමාජය තුළ ඉටු කරන සුවිශේෂී කාර්යභාරය අවබෝධ කර ගත් සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, ඔවුන්ගේ මුල්‍ය නිදහස සහ ස්ථාවරත්වය වර්ධනය කිරීම සඳහා මෙම හවුල්කාරීත්වය කෙරෙහි යොමු විය.
මෙම හවුල්කාරීත්වය හරහා ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන්ට ආසිරි රෝහල්වලින් සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලබා ගත හැක. මෙම ප්‍රතිලාභ අතර රසායනාගාර පරීක්ෂණ සහ දියවැඩියා සඳහා සිදු කරන Diabetic Foot Assessment සඳහා 20%ක වට්ටමක්ද, කාමර ගාස්තු සඳහා 20%ක වට්ටමක්ද, CT සහ MRI ස්කෑන් සඳහා 15%ක වට්ටමක්ද, මැමෝග්‍රෑම්, එක්ස් කිරණ, ECG ස්කෑන් ඇතුළුව බොහෝ පරීක්ෂණ සඳහා 10%ක වට්ටමක්ද, PET ස්කෑන් සඳහා සම්මත මිලෙන් රුපියල් 10,000ක අඩු කිරීමක් සහ ‘ආසිරි විස්මිත සත්කාර’ සාමාජික ගාස්තු සඳහා 20%ක වට්ටමක්ද ඇතුළත් වේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් යනු අනාගත පරම්පරාවට මඟ පෙන්වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන පිරිසක් බව සෙලාන් බැංකුව විශ්වාස කරයි. ඔවුන් ඉටු කළ අගනා මෙහෙයට කෘතඥතාව පළ කිරීම සඳහා, සෙලාන් කණ්ඩායම රටේ ඉහළම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු සමඟ හවුල්කාරීත්වයක් ආරම්භ කළේ විශ්‍රාම වයස එළඹි පසු සුවිශේෂී සෞඛ්‍ය සේවා ප්‍රතිලාභ රැසක් ලබා දීම සඳහාය.