• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලෝකයේ පළමුවැනි ස්නයිපර් වෙඩික්කරුවා දෙවැනි රාජසිංහ රජුද?

February 14, 2021
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලෝකයේ  පළමුවැනි  ස්නයිපර්  වෙඩික්කරුවා දෙවැනි  රාජසිංහ  රජුද?
Share on WhatsAppShare on Facebook

ලාංකේය රාජ පෙළපත ගැන සොයද්දී ලෝකය මවිතයට පත්වන කරුණු කාරණා රාශියක් හමුවෙයි.එය රාවණා යුගය දක්වාම ඈත දිවයන්නක් වන අතර එවක පටන්ම මෙරට රජවරු ලෝකයේ ඉදිරියෙන්ම සහ පෙරමුණේම සිටි පිරිසක් මෙන්ම, ලෝකයේ අන් කිසිදු රටකට නොදෙවැනි දක්ෂතාවයන් සහ හැකියාවන් පෙන්වූ බවද ඉතිහාසයේත් ජනප්‍රවාදයේත් මනාව සඳහන්ව ඇත. එහෙම බලද්දි අන් සියලු ජාතීන්ට පෙර මෙරට මිනිසුන්, ශිල්පයෙන්, ඥානයෙන්, ශක්තියෙන් හා හැකියාවෙන් පෙරමුණ ගෙන කළ දේ බොහෝ වෙයි. එවැනි ඇතැම් දේ අදටත් විශ්වාස කළ නොහැකි තරමට විශ්මය දනවනසුලුය. කෙසේ නමුත් මේ සියල්ල රටක් වශයෙන් අභිමානවත් ඉතිහාසයක ආඩම්බරය මෙරට ජනයාට උරුම කර දෙන්නට සමත් වෙයි.

ගිනි අවි එහෙමත් නැත්නම් තුවක්කු භාවිතය අද වෙද්දි ඉතා බහුලව භාවිත කෙරෙන වචනයකි. වර්තමානයේ දියුණු යැයි සම්මත රටවල් මේ කාරණයේදී ඉදිරියෙන්ම සිටිති. විවිධ වූ තාක්ෂණික ශිල්පයන්ගෙන් යුතු අති නවීන ගිනිඅවි ගැන ඒ බොහෝමයක් දියුණු යැයි සම්මත රටවල් අභිමානයෙන් කතා කරති. ඒවා ඔවුන්ගේ අභිමානයට සහ ආඩම්බරයට හේතු ලෙස උලුප්පා දැක්වීමටද උත්සාහ කරති. එහෙත් ඉතිහාසගත කරුණු සොයා යෑමේදී හෙළිවන තොරතුරු අනුව ගිනිඅවි භාවිතයේදීද මෙරට රජවරුන්ගේ නාමයන් ඉදිරියෙන්ම සඳහන් කළ හැක. ඒ අනුව පෘතුගීසීන් ලංකාවට පැමිණීමටත් පෙර සිටම මෙරට සිංහලයා ගිනිඅවි තාක්ෂණය හා භාවිතය දැන සිටි බවට සාක්ෂි අවශ්‍ය පමණට වඩා හමුවී ඇති බව වාර්තා වෙයි. අතීතයේ සිංහලයා නිපදවූ ගිනි අවි අද දියුණු යැයි සම්මත ගිනිඅවි ගැන ආඩම්බරයෙන් කතා කරන ඇමෙරිකාව සහ රුසියාව වැනි රටවලත් ඇති බවට මේ වන විට තොරතුරුද හෙළිව තිබේ.

ඊළඟට මෙරටින් වාර්තා වන රජවරුන්ගේ ගිනිඅවි භාවිතය සම්බන්ධ හොඳම සාධකය වන්නේ ගන්නෝරු සටනේදී දෙවැනි රාජසිංහ රජු කාපිරි සෙබළකුට වෙඩිතැබූ බව කියන පුවතයි. එදා රාජසිංහ රජු කාපිරි සෙබළාට වෙඩි තැබුවා යැයි කියන අත්තුවක්කුව අද ඇත්තේ කොළඹ ජාතික කෞතුකාගාරයේය.

තවමත් ඉතා හොඳ මට්ටමක ක්‍රියාකාරී තත්ත්වයෙන් යුතු මෙම අත් තුවක්කුව බොන්ඩිකුල හෙවත් ෆ්ලින්ට් ලොක් වෙඩි අගුළු ක්‍රමය යටතේ වෙඩි තැබීමට භාවිතා කර ඇත. මෙම කාරණාවත් සමඟ තොරතුරු සොයා යෑමේදී දෙවැනි රාජසිංහ රජුට අයත් තුවක්කු තුනක් ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි පැවසේ. එයින් දෙකක් ඇමෙරිකාවේ හා රුසියාවේ ඇති බව පැවසෙන අතර අනෙක කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති මෙම අත්තුවක්කුව බවට හඳුනාගෙන ඇත.

මෙහිදී වඩාත් විශේෂිත සහ අවධානය යොමුවිය යුතු කාරණයක් ගැනද ප්‍රකාශ වේ. එනම් ඇමෙරිකාවේ ඇතැයි පැවසෙන රාජසිංහ රජුට අයත් තුවක්කුව ‘ස්නයිපර්’ වර්ගයට අයත් එකක්ය යන්නය. එසේ නම් එම ස්නයිපර් වර්ගයේ ගිනි අවියද හැසිරවීම සහ භාවිතය සිදුකිරීමට රාජසිංහ රජු දැන සිටිය යැයි සැකයකින් තොරව අනුමාන කළ හැකිය. එසේම ලෝකයේ පළමුවන ස්නයිපර් වෙඩික්කරුවා දෙවැනි රාජසිංහ රජුද යන්න විශේෂයෙන් සොයා බැලීමද වටින්නේය.

කෙසේ නමුත් දෙවැනි රාජසිංහ රජුගේ පාලන කාලය යනු කන්ද උඩරටට සේම සමස්ත ශ්‍රී ලංකාවටම යහපත් කාලයක් උදාවීමේ පෙරනිමිති පළකළ යුගයකි. ඒ එතෙක් මහා උවදුරක්ව පැවැති පරංගීන්ට ලක්දිව අතහැර යෑමට සිදුවූ නිසාය. එම යුද කටයුතුවලට කඩු දුණුවලට අමතරව තුවක්කුද භාවිතයට ගත් බව සඳහන් වේ.

කෙසේ නමුත් පසුකාලීනව පෘතුගීසීන් හා සටන්වලදී දෙවැනි රාජසිංහ රජු ඉතා බුද්ධිමත්ව එම කටයුතු ගැන කල්පනා කර තිබේ. එහිදී කන්ද උඩරට ජනතාවගේ සහයෙන් පමණක් පෘතුගීසීන්ට ප්‍රහාර එල්ල කර පලවා හැරීමට නොහැකි බව රාජසිංහ රජුට අවබෝධ වී තිබේ. එයට ප්‍රධානම හේතුව පෘතුගීසීන් නාවුක වශයෙන් සන්නද්ධ පිරිසක් වීමයි.

වෙරළබඩ තීරයේ ව්‍යාප්ත වී තිබූ පෘතුගීසි බළකොටු බිඳදැමීමට නම් ගොඩින් පමණක් පහරදී ප්‍රතිඵල සාර්ථක කරගත නොහැකි බව රජු අවබෝධ කරගෙන සිට ඇත. ඒ අනුව සීතාවක රාජසිංහ රජු මාස ගණනාවක් තිස්සේ කොළඹ වටකර පහරදීමට කාලතුවක්කු සහ අත්තුවක්කු භාවිතා කර තිබේ. ඒ සෑම අවස්ථාවකම මුහුදෙන් ආධාර ලැබීමෙන් පෘතුගීසි බලය රැකගෙන තිබේ. මේ තත්ත්වය වටහා ගැනීමෙන් පසුව ගොඩබිමින් තම සේනාවන් පහරදෙන විට මුහුදෙන් පෘතුගීසීන්ට පහරදීමට රජු ලන්දේසීන්ගේ සහාය ලබාගත් බව පෙනී යයි.

මෙම සටන්වලදී රාජසිංහ රජු විවිධ උපක්‍රම භාවිතා කළ බවද ඒවා ඉතා සාර්ථක වූ බවද පැවසෙන අතර එම උපක්‍රම අතර කාලතුවක්කු, අත්තුවක්කු නිපදවීම, සතුරා උපක්‍රමශීලීව මඟහැර පහරදීම, සතුරා භේද කරවීම, සතුරා කොටු කිරීම මෙන්ම ඉතා සාර්ථක රහස් ඔත්තු සේවයක් පවත්වා ගැනීමත් සිදුකර ඇත.

දෙවැනි රාජසිංහ රජු ගැන ඇති කතාබස් අනුව ඔහුගේ හැකියාවන් මනාව පිළිබිඹු කෙරෙන තවත් අපූරු කතාවක් වේ. එනම් ගන්නෝරු සටනේදී කළ වෙඩි තැබීමක් පිළිබඳවය. එවකට දෙවැනි රාජසිංහ රජු ලන්දේසීන්ගෙන් සහාය ගෙන පෘතුගීසීන් පලවා හැරීමට කටයුතු කරමින් සිටියේය. කෙසේ නමුත් 1683 පෘතුගීසීන් කන්ද උඩරට ආක්‍රමණය කළේය. පෘතුගීසීන් මහනුවර නගරයට පැමිණෙන විට එය ජනයාගෙන් හිස්ව තිබිණි. නගරය කොල්ලකා ආපසු යන පෘතුගීසීන්ව ගන්නෝරුවේදී වටකර ගන්නට රජුගේ සේනාවන්ට හැකියාව ලැබිණි.

පැවැති අධික වර්ෂාවත් ජනයාගෙන් හිස්ව තිබූ නගරයේ කන්න දෙයක් නොතිබීමත් නිසා පෘතුගීසී සෙබළුන් වැඩි පිරිසක් උණ රෝගයට ගොදුරු විය. අවසානයේ පසුබැස ගිය පෘතුගීසි සේනා මහවැලි ගඟෙන් එතෙර වී කඳවුරු බැඳ ගත්තද කල්යල් බලමින් කඳු මුදුනට වී සිටි දෙවැනි රාජසිංහ රජු සිය සේනා සමඟ එක්ව පෘතුඟසීන්ට පහරදුන්හ. පෘතුගීසී සෙබළුන් අතර කාපිරියන්ද සිටි බව පැවසෙන අතර සිංහල සේනාවක් දුනු හීවලට අමතරව තුවක්කුද භාවිතා කළ බව සඳහන් වේ.

රාජසිංහ රජු ඇතා පිටින් පැමිණි බවත් කඩුව, දුන්න සහ තුවක්කුවකින් සන්නද්ධව සිටි බවත් පැවසේ. එම අවස්ථාවේ කාපිරි සෙබළකු තමාව ඉලක්ක කරගෙන සිටින බව වටහාගත් රජු වහාම ක්‍රියාත්මක වී හිස පහත් කර ඇති අතර ඔටුන්න පසාරු කරගෙන වෙඩි උණ්ඩය ඇදීගොස් තිබේ. එම අවස්ථාවේ ඉතා දක්ෂ ලෙස සිය අත්තුවක්කුව වමතට ගත් රජු කාපිරි සෙබළා එක් වෙඩි පහරකින් ඝාතනය කළ බව පැවසේ. වමතින් ඉතා දක්ෂ ලෙස තුවක්කුව හැසිරවීමේ හැකියාවක් දෙවැනි රාජසිංහ රජුට හිමිව තිබූ බවත් එදා ඔහු භාවිතා කළ අත්තුවක්කුව අද ජාතික කෞතුකාගාරයේ ඇති තුවක්කුව බවත් හඳුනාගෙන තිබේ. මේ සියලු කරුණු කාරණා සමඟ දෙවැනි රාජසිංහ රජු සතුව තිබූ ගිනිඅවි පිළිබඳ පළපුරුද්ද සහ හැකියාව මනාව පැහැදිලි වන අතරම අතීත සිංහලයාගේ අභිමානයද මනාව පැහැදිලි වන්නේය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

සෙලාන් හරසර ආසිරි රෝහල් සමූහය සමඟ අත්වැල් බැඳගනී

Next Post

හච් “SMART” වෙයි

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.