සුහද හදක් ඇති දේශීය බැංකුව වන ශ්‍රී ලංකාවේ දියුණුවට කවදත් උරදෙන සෙලාන් බැංකුව මෙවරත් ‘කන්ස්ට්‍රක්ට් 2019’ ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු ලෙස සිය දායකත්වය ලබා දීමට සමත්ව ඇත. වාර්ෂිකව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සංවිධාන කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය මගිනි. අඛණ්ඩව 19 වරටත් පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය අගෝස්තු 23 සිට 25 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විණි.
ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි ඉදිකිරීම්, පතල්, ඉදිකිරීම් ද්‍රව්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයත් අනෙකුත් කර්මාන්ත කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුකරන මෙම ප්‍රදර්ශනය, දකුණු ආසියානු කලාපයේ ඉදිකිරීම් කර්මාන්තය සම්බන්ධ විශාලතම ප්‍රදර්ශනය ලෙස සැලකේ. ක්ෂේත්‍රයේ කැපීපෙනෙන පුද්ගලයන්, සමාගම් හා ආයතන රාශියක් මෙම ප්‍රදර්ශනයට සහභාගි වන නිසා මෙය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රදර්ශනයක් බවට පත්වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) ටිලාන් විජයසේකර මහතා මෙසේ පැවසීය. “අඛණ්ඩව 4 වැනි වරටත් මෙම ප්‍රදර්ශනයේ නිල බැංකු සහකරු බවට පත්වීමට ලැබීම අපට විශාල සතුටක්. එදා පටන්ම මෙම ප්‍රදර්ශනය වසරින් වසර වැඩි වැඩියෙන් සාර්ථක ප්‍රදර්ශනයක් බවට පත්වනු අප හොඳින් දුටුවා. ඒ වගේම තම නිවාස සිහිනය සැබෑ කරගැනීමට උත්සාහ කරන බොහෝ දෙනකුට සෙලාන් නිවාස ණය සේවාව ඔස්සේ උපදෙස් සහ මූල්‍ය සහාය ලබාදීමට අපට හැකියාව ලැබුණා. සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස අප කවදත් ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම සේවාවක් සමගින් හොඳම අනුපාත ලබාදීමට කටයුතු කරනවා. මෙම ප්‍රදර්ශනය ඉදකිරීම් ක්ෂේත්‍රයේ සේවා සම්පාදකයන් සහ පාරිභෝගිකයන් එකම වේදිකාවකට ගෙනෙන සුවිශේෂී වැඩසටහනක්. නැවත වරක් එහි සාර්ථකත්වයේ හවුල්කරුවකු වීමට ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වනවා.”
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා අදහස් දැක්වූයේ මෙසේය. “මෙම ප්‍රදර්ශනය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වඩාත්ම ඵලදායී ප්‍රදර්ශනයක් බවට මේ වනවිට පත්වී තිබෙනවා. වසර 19ක සාර්ථකත්වය සමගින් මෙහි ඉදිරි ගමනේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව සමග එක්ව පෙරට යාමට හැකිවීම අපට සතුටක්. තම ඉදිකිරීම් අවශ්‍යතා සඳහා විසඳුම් එකම වහලක් යටදී ලබාගැනීමට අපේක්ෂා කරන දහස් ගණනක ජනතාවක් වාර්ෂිකව මෙම ප්‍රදර්ශනය වෙත ඇදී එනවා. ඔවුන්ගේ සිහින සැබෑකිරීමට සෙලාන් බැංකුවෙන් හිමිවන්නේ අගනා පිටිවහලක්.”