හෙට (19) දිනයේ විශේෂ කැබිනට් රැස්වීමක් කැදවීමට ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා මෙම හදිසි කැබිනට් රැස්වීම කැදවා ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අනෙකුත් පක්ෂ නායකයන් අතර දැනටමත් සාකච්ජා පැවැත්වී අවසන් එකගතාවකට පැමිණ ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම අද (18) රාත්‍රියේදී එජාපය මුණගැසී මේ පිළිබදව සාකච්ජා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ආරංචිය.