සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට නවතම ටොයෝටා හා Hino මෝටර් රථ මිලදී ගැනීම වඩාත් පහසු කරමින් වටිනා ලීසිං ප්‍රතිලාභ පිරිනැමීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවට ටොයෝටා හා Hino සන්නාමයන් යටතේ රථ වාහන ගෙන්වීමේ හා අලෙවි කිරීමේ බලය ලත් අලෙවි නියෝජිතයා වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම වෙතින් සෙලාන් ලීසිං පාරිභෝගිකයින් මිලදී ගන්නා වාහන සඳහා මෙම වටිනා ප්‍රතිලාභ හිමිවනු ඇත.
සෙලාන් බැංකුව සහ ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම අතර ඇතිකරගන්නා ලද මෙම සහයෝගීතාවය නිසා ලීසිං පහසුකම් ලබාගැනීමට සුදුසුකම් ලබන සෙලාන් ගනුදෙනුකරුවන් වෙත නම්‍යශීලී නැවත ගෙවීමේ යෝජනා ක්‍රම, විශේෂිත පොලී අනුපාත වාහන ලියාපදිංචිය නොමිලේ සිදුකර දීම, මාස හයක් හෝ කිලෝමීටර් 10,000 දක්වා වගකීම් කාලයක්, තමන් කැමති රක්ෂණ සමාගමක් හරහා වට්ටම් සහිත රක්ෂණ වාරික ගෙවීමේ හැකියාව මෙන්ම ටයර්, අමතර කොටස් හා ලිහිසි තෙල් සඳහා වටිනා වට්ටම් යනාදී සුවිශේෂී ප්‍රතිලාභ කිහිපයක්ම හිමිවේ.











