ශ්‍රී ලංකාව ධමණී මිනිරන් (vein graphite) නිපදවන ලොව එකම රට වන අතර, එය මෙරට ප්‍රධානතම ඛනිජ නිෂ්පාදනයකි. ශ්‍රී ලංකාව ග්‍රැෆයිට් හෙවත් දේශීය වශයෙන් මිනිරන් ලෙස ප්‍රචලිත ඛනිජය සියවස් දෙකකට වැඩි කාලයක් තිස්සේ කණිනු ලබයි. පසුගිය වසර 100කට වැඩි කාලයක් 99%කට වැඩි කාබන් සංශුද්ධතාවක් සහිත අතිශය පිරිසුදු ස්ඵටිකරූපී මිනිරන් නිපදවන ලොව එකම රට ශ්‍රී ලංකාවයි. වර්තමානයේ සැලකිය යුතු ප්‍රමාණයක් නොවන මාසිකව ටොන් 300ක පමණ නිපදවන ශ්‍රීලංකා මිනිරන් බෝගල, කහටගල සහ රාගෙදර යන ප්‍රධාන පතල් තුනෙන් කණිනු ලබයි. ශ්‍රී ලංකා මිනිරන් ලොව ප්‍රකට වන්නේ එහි උසස් තත්ත්වය සහ සුවිශේෂී වූ ස්ඵටික ස්වභාවය නිසාය.
LOLC සමූහය සහ ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) අතර හවුල් ව්‍යාපාරයක් වන සිලෝන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් (CGT) ශ්‍රී ලංකාවේ ප්‍රථම ග්‍රැෆීන් සහ සංකීර්ණ විද්‍යාත්මක ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමයි. 2018 වසරේදී ශ්‍රී ලංකාවේ මිනිරන් මෙටි්‍රක් ටොන් එකකට ලැබුණු මිල ඇමෙරිකානු ඩොලර් 2300කි. CGT මගින් වර්තමානයේ වසරකට ග්‍රැෆීන් ඔක්සයිඞ් ටොන් 6ක් සහ ඔක්සිකරණය කරන ලද ග්‍රැෆයින් ඔක්සයිඞ් ටොන් 3.2ක් නිෂ්පාදනය කරයි.











