දේශීය විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රය තුළ වූ කුසලතා වර්ධනය කිරීම උදෙසා කැපවෙමින් ක්‍රියා කරන සිංගර්හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන් ඇකඩමිය වසර 60කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන කීර්තිමත් ආයතනයකි. ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණකරණ අධ්‍යාපනයේ නවොත්පාදකයා ලෙස නම් දරා ඇති සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් කොවිඞ්-19 වසංගතයෙන් සමස්ත ලෝකයටම දැඩි බලපෑම් එල්ලවී ඇති තත්ත්වයක් තුළ, මැහුම් කලාව ඉගෙනීමට උනන්දුවක් දක්වන්නන් සඳහා සිය ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙනයා හැකි වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ.
මෙහිදී ඔවුන් හඳුන්වා දුන් E-learning අවකාශයන් හරහා online පාඨමාලා රැසක් සඳහා ලොගින් වීම තුළින්, වීඩියෝ සහ විවිධ නිබන්ධන වෙත පිවිසීමෙන් ඉතා පහසුවෙන්ම ඉගෙනුම් කටයුතුවල නිරත වීමේ හැකියාව සිසුන්ට හිමි වේ. දවසේ ඕනෑම වේලාවක පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති හැකියාව, දැරිය හැකි පහසු මිල සහ ආරක්ෂිතව නිවසේ සිටම සිය කුසලතා ඔප්නංවා ගැනීමට හැකියාව ලැබීම නිසා මෙම E-learning ක්‍රමවේදය ඕනෑම අයකුට ඉතා ඵලදායීව ඉගෙනුම් කටයුතු සිදු කිරීමට අවකාශය සපයයි.











