ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයක් වන ලංකා සතොස වත්මන් ගෝලීය සෞඛ්‍ය හා මූල්‍ය අර්බුදය හමුවේ ජනතාවට ඉහළ සේවාවක් ලබා දීමේ ප්‍රයත්නය වෙනුවෙන් එහි අඛණ්ඩ පරිවර්තනයකට නායකත්වය දීම සඳහා පසුගියදා ජ්‍යෙෂ්ඨ නායකත්ව පත්වීම් රැසක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඒ අනුව 2020 සැප්තැම්බර් 21 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මේජර් අනුර පණ්ඩිතගේ (විශ්‍රාමික) මහතා ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත්කොට ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 20ක් සේවය කර ඇති ඔහු විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ ව්‍යාපාර කිහිපයක මානව සම්පත් හා පරිපාලන කළමනාකරණ අංශයන්හි ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇත. යුධ හමුදා හා ආරක්ෂක කළමනාකරණ මාණ්ඩලික විද්‍යාලයේ උපාධිධරයකු වන ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද හිමි කරගෙන ඇත. එසේම වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ (CIPM) වරලත් සාමාජිකයකුද වන ඔහු එම ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියකුද වේ.
එසේම 2020 සැප්තැම්බර් 11 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා සතොස ලිමිටඞ්හි මානව සම්පත් සහ පරිපාලන, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ සහ අභ්‍යන්තර විගණන තොරතුරු අංශ මෙහෙවීම වෙනුවෙන් නව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරු සිවුදෙනෙකුද පත්කොට ඇත.