ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම නැඟෙනහිර පළාත ඇතුළුව පළාත් ගණනාවක ක්‍රියාත්මක වන සිය කර්මාන්තශාලා සහ ගොවිපළ හරහා දහස් සංඛ්‍යාත රැකියා අවස්ථාවන් උදා කරමින් ග්‍රාමීය ආර්ථිකය සවි බලගැන්වීම සඳහා දායකත්වය ලබා දී ඇත. ක්‍රිස්බ්‍රෝ ආයෝජනයන් සිදු කළ ඇතැම් ප්‍රදේශයන් දිගුකාලීන යුද්ධයෙන් සහ නියඟයෙන් බැටකෑ ප්‍රදේශයන් අතර රැකියා සහ කෘෂිකර්මාන්තයේ යෙදීමට මාර්ගයක් නොමැති වූ බැවින් මේ ප්‍රදේශවල බහුතර ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට පත්ව සිටියේය. කුකුළු ගොවිපළ සහ මහාපරිමාණයේ වී සහ බඩ ඉරිඟු කෘෂි බිම් පවත්වාගෙන යෑම තුළින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සහ එමගින් ග්‍රාමීය දරිද්‍රතාව පහළට ගෙන ඒම සඳහා ක්‍රිස්බ්‍රෝ සිය දායකත්වය ලබා දී ඇත.
නිදසුනක් ලෙස බීජ වී නිෂ්පාදනය සිදු කරන කන්තලේ සූරියපුර ගොවිපළ ආශ්‍රිතව ද රැකියා විරහිත ගම් වැසියන් සියයකට ආසන්න පිරිසකට මෙම ගොවිපළ තුළින් නව රැකියාවන් ලබා දුන් අතර මෙමගින් සෘජු හා වක්‍ර ලෙස සූරියපුර ග්‍රාමයේ පවුල් 500කට පමණ සෙත සැලසී ඇත. දිගුකාලීනව යුද්ධයෙන් සහ නියඟයෙන් පීඩා විඳි සූරියපුර වැසියන්ට ක්‍රිස්බ්‍රෝ ආයෝජනයන් මගින් විශාල ආර්ථික ප්‍රතිලාභයක් උදා කර ඇත. එමෙන්ම මෙම ග්‍රාමයෙහි ස්ථාපනය කර ඇති බීජ වී නිෂ්පාදනාගාරය මගින් ගොවිජනතාවට අවශ්‍ය බීජ වී සැපයෙන අතර බීජ වී නිෂ්පාදන තාක්ෂණය පිළිබඳව දැනුවත් වීමටද මෙම ප්‍රදේශයේ ජනතාවට හැකිව තිබේ. ක්‍රිස්බ්‍රෝ ආයතනික සමාජ වගකීම් ප්‍රවේශය මගින් ග්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා ප්‍රධාන ව්‍යාපෘති 4ක් දැනට ක්‍රියාවේ යොදවා ඇති අතර ඒ අතුරින් දිරි සවිය සහ ප්‍රජා අරුණ ග්‍රාමීය ආර්ථිකය නංවාලීම සඳහා සෘජු දායකත්වයක් දක්වයි.