රටක් කෙතරම් ශක්තිමත්ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැති බැරිකම පොදු දෙයක් වුවත්, එම නැතිබැරිකම් හෝ අඩුපාඩුකම් මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට යම් අයෙක් කැපවෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ශක්තිමත් මිනිසෙකි. ඔහු එම රටට ණය නොමැති සාඩම්බර අයෙකු ලෙස දැක්විය හැකිය.
මෙවැනි වූ රටට දැයට ණය නොමැති සාඩම්බර වූ ශ්‍රී ලාංකීය පරපුරේ තවත් එක් අයෙකු ඩයලොග් පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මනුසත්කාර මෙහෙයුම තුළින් අපට හමුවූයේ අනුරාධපුරයේ තිරප්පනේ ප්‍රදේශයේදීය. එතුමන් නමින් සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍ය ටී.පී. ජිනදාස මහතාය.
අපගේ පාරම්පරික වෙදකමේ ඇති සම්ප්‍රදායන් එලෙසටම සිදුකරමින් ප්‍රදේශයේ මෙන්ම අවට ප්‍රදේශ රැසක ජනතාවගේ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ කාර්යයේ නිරත මෙතුමන්, අපගේ අතීත වෙදදුරන් අනුව යමින් බුලත් කොළයක් තබා රෝගියා විසින් පිළිගන්වනු ලබන තුටු පඬුරෙන් අපමණ සෑහීමකට පත් වෙමින්, සිය ප්‍රතිකාර කාර්යයන් සිදුකරනා වෛද්‍යවරයෙකි.
සමාජයේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කැපවෙන්නන්ගේ ශක්තිය වෙනුවෙන් නිරන්තරව සිය දායකත්වය ලබා දෙන ඩයලොග් ආයතනය, සිය මනුසත්කාර මෙහෙයුම ඔස්සේ මෙම ආයුර්වේද වෛද්‍ය තුමන් වෙත උපකාර කිරීමට ඉදිරිපත් වූයේ එතුමන් වෙත සිය වෛද්‍ය ප්‍රතිකාර සාර්ථක ආකාරයෙන් සිදුකිරීම සඳහා අවැසි පරිසරය සකසා දෙමිනි. එහිදී මූලික වශයෙන් මනුසත්කාර මෙහෙයුම විසින් එතුමන්ගේ නිවෙසේ ආරම්භ කර තිබූ ඉදිකිරීම් කාර්යයන් අවසන් කර දීමටත්, එතෙක් එතුමන් හට නොතිබූ රෝග ප්‍රතිකාර ඇඳක්, බෙහෙත් ද්‍රව්‍ය ඇඹරුම් යන්ත්‍රයක්, බෙහෙත් ද්‍රව්‍ය රැඳවුම් රාක්ක, බෙහෙත් ද්‍රව්‍ය දමනා වීදුරු බඳුන්, රෝගීන් සඳහා අසුන් ගැනීමට අවශ්‍ය පුටු මෙන්ම ආයුර්වේද බෙහෙත් පැළ ආදියද ලබා දීම ඩයලොග් ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වයත් සමග ඉතා සාර්ථක අයුරින් අවසන් කිරීමට හැකියාව ලැබිණි.











