2020 දෙසැම්බර් 10 වන දින, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහය ඇතිව සකසන ලද ‘ශ්‍රී ලාංකිකයන් සඳහා වූ ආහාර මාර්ගෝපදේශ’ (FBDGs), එළිදැක්වීම කොළඹදී සිදුකරන ලදී.
එක් එක් රටට විශේෂිත ආහාර පිළිබඳ මාර්ගෝපදේශ වනාහි පුද්ගලන් හා ජනගහනයන් අතර සෞඛ්‍යසම්පන්න ආහාර චර්යාවන් සහ ජීවන රටාවන් වැඩිදියුණු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් නිර්දේශිත මෙවලමකි. ශ්‍රී ලංකාව, පෝෂණය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සමුළුවේදී එකඟ වූ ක්‍රියාකාරී රාමුව තුළ ආහාර පිළිබඳ මාර්ගෝපදේශ අනුමත කළ රටවලින් එකකි. සෞඛ්‍යසම්පන්න ආහාර චර්යාවන් සහ ජීවන රටාවන් වර්ධනය කිරීම සඳහා මෙන්ම ආහාර හා පෝෂණය, සෞඛ්‍ය හා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහ පෝෂණ අධ්‍යාපන වැඩසටහන් සඳහා මූලික පදනමක් ස්ථාපිත කිරීම ශ්‍රී ලාංකිකයන් සඳහා වූ ආහාර මාර්ගෝපදේශ තුළින් අරමුණු කෙරේ. පොදු ජනතාව තුළ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සහ නිදන්ගත රෝග හා බෝවෙන රෝග වැළැක්වීම සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් ලබා දීම පිණිස අවශ්‍ය ආහාර කණ්ඩායම් සහ ආහාර රටාවන් පිළිබඳ උපදෙස් මෙකී මාර්ගෝපදේශ තුළින් සපයයි.
ශ්‍රී ලංකාව ප්‍රථමවරට ආහාර මාර්ගෝපදේශ 2002 වසරේදී ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර එහි සංශෝධිත ප්‍රකාශනයක් 2011දී එළිදක්වන ලදී.