කොවිඞ් 19 වසංගත තත්ත්වය හමුවේ මෙරට ජාතික ආර්ථිකයට ඇති වූ බලපෑම මෙන්ම එහිදී ලංකා බැංකුව විදේශ ප්‍රේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස මැදිහත් වෙමින් මෙරට ආර්ථිකය නැංවීමට දායකත්වය දැක්වූ ආකාරයත්, මෙම කාලපරිච්ජේදය තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ බැංකු ශාඛාව තුළින් වගකීම්සහගතව නොනවත්වා බැංකු සේවාවන් සැපයීමට කටයුතු කළ ආකාරය පිළිබඳවත් ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර, භාණ්ඩාගාර හා ආයෝජන) ආර්.එම්.එන්. ජීවන්ත මහතා විසින් සාකච්ඡා කරන ලදී.
ජාතික ආර්ථිකය සඳහා විදේශ ප්‍රේෂණ තුළින් ලැබෙන දායකත්වය ඉමහත්ය. කොවිඞ් 19 හේතුවෙන් ගෝලීයමය සෞඛ්‍ය අර්බුදයකට මුහුණදී සිටින මෙවන් මොහොතක විදේශ ප්‍රේෂණ හරහා උපයන ආදායමද තීරණාත්මක ස්වභාවයක් ගෙන තිබේ.
මිලියන 2ට අධික ශ්‍රී ලාංකිකයන් විදේශ රටවල පදිංචිය සහ සේවයේ නියුතු වන අතර එය මෙරට ජනගහනයෙන් 10%ක් පමණ සහ ශ්‍රම බලකායෙන් 25%කි. 2019 වර්ෂය තුළ විදේශ ප්‍රේෂණ තුළින් ලැබූ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 6.7ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.03%කි. මෙය විශේෂයෙන් මැද පෙරදිග, නැගෙනහිර ආසියානු සහ බටහිර රටවල සේවය කරන විදේශ ශ්‍රමිකයන් හරහා ජාතික ආර්ථිකයට ලැබුණු දායකත්වයයි.











