ශ්‍රී ලංකාවේ රථවාහන රක්ෂණයේ ප්‍රමුඛයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස්, මෝටර් රථ රක්ෂිතයන් සඳහා පිරිනමන ලද විශාලතම වටිනාකමින් යුත් ත්‍යාග හිමිකරදුන් මෝටර් ප්ලස් රිවොර්ඞ්ස් වැඩසටහන පසුගියදා සාර්ථක අයුරින් නිමාවට පත්කරන ලදී.
මෙම දිනුම් ඇදීමේදී ප්‍රථම ත්‍යාගය වන ටොයෝටා CHR රථය බණ්ඩාරවෙල කේ.එම්.ආර්. රත්නායක මහතාට හිමිවූ අතර අනෙකුත් ජයග්‍රාහකයන්ට iPhone XR 6ක් සහ රු.50,000 ක් වටිනා මුදල් ත්‍යාග 120ක් හිමි විය.
මෙම ත්‍යාග ප්‍රදානය 2020 ජනවාරි 24 වැනිදා වත්තල ටොයෝටා ප්‍රධාන කාර්යාලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරි චන්දන එල්. අලුත්ගම මහතා, ටොයෝටා ලංකා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ෂුන්ගෝ යොෂියෝකා මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි/ අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කළමනාකාරීත්වය ද සහභාගි විය.











