• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

උතුරු කොනට වෙනස් ගමනක්

February 11, 2020
in Holiday
Reading Time: 1 min read
A A
උතුරු කොනට වෙනස් ගමනක්
Share on WhatsAppShare on Facebook

ගුවන් යානයක එක් වරක් හෝ ගමන් කරන එක ගොඩ දෙනෙක්ගේ හීනයක්. හැබැයි මේ හීනේ හැබෑ කර ගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද අපි දන්න තරමින් ගුවන් යානයක ගමනක් යන්න නම් පිටරටකටම ගිහින් එන්න ඕනෑ. ඒක ඉතින් ඒ තරම්ම ලේසි දෙයක් නෙවෙයි. ඒත් අපේ රට ඇතුළෙම කොහෙ හරි ගුවන් යානයකින් ගිහින් එන්න පුළුවන් නම් කොච්චර හොඳද? අන්න ඒ හීනය හැබෑ කර ගන්න ඔන්න දැන් හැමෝටම අවස්ථාව ලැබිලා තියෙනවා.

ඔන්න දැන් කොළඹ ඉඳන් යාපනයට ගුවන් යානයකින් ගිහින් එන්න පුළුවන්. වර්තමාන පරපුරට මේ ආරංචිය අලුත් එකක් වුණත්, අපේ වැඩිහිටි පරම්පරාවට නම් මේක අලුත් ආරංචියක් නෙවෙයි. මොකද මීට දශක කිහිපයකට කලින් මේ සේවාව බොහොම සාර්ථකව ක්‍රියාත්මක වෙලා තියෙනවා. දශක ගණනාවක් පැවතුණු යුද්ධය හින්දා අපේ රටේ ගොඩක් දේවල් ආපස්සට ගියා වගේම කොළඹ- යාපනය අතර ගුවන් ගමනත් සම්පූර්ණයෙන්ම නැවතුණා. ඒ විදියට නැවතුණු සේවාව තමයි මේ දැන් ආයෙත් ආරම්භ වෙලා තියෙන්නේ.

පසුගිය පෙබරවාරි 01 වැනිදා ආරම්භ වුණු මේ සේවාවත් එක්ක දැන් දවසට ගුවන් ගමන් වාර කිහිපයක් රත්මලාන ගුවන් තොටුපොළේ ඉඳන් යාපනය පලෙයි ගුවන් තොටුපොළ දක්වා ක්‍රියාත්මක වෙනවා. මේ එක් ගුවන් වාරයක මිල රුපියල් 7500ක් විදියට තමයි සඳහන් වෙන්නේ. ගිහින් එනවා නම් රුපියල් 15000ක්.

අපි දන්න තරමින් කොළඹ ඉඳන් යාපනේ යනවා කියන්නේ ගොඩක් වෙලා යන ගමනක්. ගොඩබිමෙන් මොන විදියට ගියත් ඒකට අඩුම පැය 6ක්වත් ගත වෙනවා. ඒත් ගුවනින් රත්මලානේ ඉඳන් යාපනේට යන්න ගතවෙන්නේ විනාඩි 45ක්, 50ක් විතරයි. මේ වෙද්දි පෞද්ගලික ගුවන් සේවා කිහිපයක්ම මේ සේවාව ආරම්භ කරලා තියෙනවා. ඒ හින්දා තමන්ට කැමැති වෙලාවක් තෝර ගෙන මේ ගමන ගිහින් එන්න පුළුවන්.

ගුවනින් යන්න හීන දැකපු හැමෝටම ඔන්න දැන් පහසුවෙන් ඒ හීනය සැබෑ කර ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒත් හඳුන්වා දීමේ සේවාවක් විදියට ක්‍රියාත්මක වෙන මේ මිල ගණන් වෙනස් වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ හින්දා හැම දේකටම වගේ මේකටත් ඉක්මන් වෙන එක තමයි හොඳ.

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රිවොර්ඞ්ස් ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ

Next Post

බිසව සුවපත් කළ අරුග්ගොඩ හාමුදුරුවන්ට රජුගෙන් ලැබුණු අපූරු තෑග්ග

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.