• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රන්ජාගේ ගේම් ගැන සුරංග කියන කතාව

February 11, 2020
in Heart
Reading Time: 1 min read
A A
රන්ජාගේ ගේම් ගැන සුරංග කියන කතාව
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලේ හඬපට සිද්ධීන් නිසා ‘ද ගේම්’ චිත්‍රපටය අතරමඟ නතර වෙලා. එයට හේතුව එහි ප්‍රධාන චරිත රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක බන්ධනාගාරගතව සිටීම බවයි අපට ආරංචි වුණේ. මෙහි ඇත්ත සොයන්න ‘ද ගේම්’ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සුරංග ද අල්විස්ට අප කතා කළා.
සුරංග මේ දවස්වල ඇඟිලි ගනිමින් ඉන්න බව අපට ආරංචි වුණා. මොකද කාටහරි ගේමක් දෙන්නද ලෑස්තිය?
ඇඟිලි ගණන් කරලා තියෙන තරමට දැන් අතේ ඇඟිලි මදි. හැබැයි කාටවත් ගේමක් දෙන්න නම් නෙවේ. ‘ද ගේම්’ චිත්‍රපටයේ ඩබින් ඉවර කරගන්න තමයි සැලසුම.
රන්ජන් රාමනායකගේ ප්‍රශ්නය ‘ද ගේම්’ චිත්‍රපටයට බලපාන්නෙ කොහොමද?
‘ද ගේම්’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු දැන් ඉවරයි. සංස්කරණ කටයුතු තමයි සිදුකරන්නේ. රන්ජන් 29දා එළියට එයි කියලා මම බලාගෙන හිටියා. ඒත් එය නැවැත කල්ගිහින් 12 වැනි දින දක්වා දීර්ඝ කර තිබෙනවා. 12 රන්ජන් එළියට ආවොත් 14 අපි ඩබින් පටන්ගන්නවා. මේ අවුරුද්ද ඇතුළත චිත්‍රපටය තිරගත කිරීමට තමයි මගේ සැලසුම.
හඬපට හුටපටයක් නිසා ‘ද ගේම්’ චිත්‍රපටයටත් එය බලපෑවාද?
මෙය මට විතරක් නෙවේ. මේ ප්‍රශ්නය රටටම බලපෑවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.
ඔබේ මේ ‘ද ගේම්’ චිත්‍රපටයට රන්ජන් තෝරාගත්තේ ඇයි?
රන්ජන් මම සමඟ ‘රජ හොරු’ චිත්‍රපටයේ වැඩ කළා. රන්ජන් එක්ක නැවැත චිත්‍රපටයක් කරන්න ලොකු ආශාවක් තියෙනවා. මොකද ලංකාවේ සුපිරිම තරුවක් නිසා. 2019 සැප්තැම්බර් 2 ‘ද ගේම්’ චිත්‍රපටයේ වැඩකටයුතු පටන්ගත්තා. චිත්‍රපටය පටන් ගනිද්දි රන්ජන් ඇමැතිවරයෙක්. දෙවැනි අදියරේ ඔහු මන්ත්‍රිවරයෙක්. තුන් වැනි අදියරේදී ඔහු චූදිතයකු බවට පත්වෙලා.
‘ද ගේම්’ චිත්‍රපටයෙන් ඔබ කතා කිරීමට අදහස් කළේ කුමක්ද?
පසුගිය කාලෙ සීමාවේ රටේ ඇතිවුණු සහරාන්ගේ ත්‍රස්තවාදී බලපෑමේ ත්‍රස්තවාදීන්ට මඟහැරුණු එක පැත්තක් තමයි අපි කතා කරන්නේ. තවත් පැති කිහිපයකින් හිතලයි මේ චිත්‍රපටය නිර්මාණය කළේ.
රන්ජන් ‘ද ගේම්’ චිත්‍රපටයට සම්බන්ධකර ගැනීම නිසා ලොකු වදයක් වුණා කියලත් ආරංචියි?
ඇත්තටම ඔව්. ඔහු සම්බන්ධ කරගැනීම නිසා රූපගත කිරීම්වලදී ලොකු කාලයක් වැය කරන්න සිද්ධ වුණා. මොකද ඒ තරම් ජනගංගාවක් හිටියා ඔහුව වටකරගෙන. ජාතිභේද නොතකා ප්‍රතිචාර ලැබුණා. ඔහු අපිට සම්පතක්. ඒත් වුණු දේ ගැන දුකයි. මම කලා නළුවෝ පස් හයදෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. නමුත් මේ තරම් කරදරයක් වුණේ නැහැ. රන්ජන් සමඟ පිටකොටුවේදී රූපගත කිරීම් කරන විට නම් ලොකු වදයක් වුණා අපට.
හැබැයි එක පැත්තකින් ඔහු ඔබට වදයක් වෙද්දී තවත් පැත්තකින් ශක්තියක් වුණා නේද?
ඇත්තටම ‘ද ගේම්’ චිත්‍රපටයට ඔහු රඟපෑමට විතරක් නෙවේ බාහිරවත් උදවු කළා මට. චිත්‍රපටයේ දර්ශන තල සොයා ගැනීමේදී ඔහු නොසිටියා නම් අපිට දර්ශන තලවලට ලොකු මුදලක් වැය කරන්න සිදුවෙනවා. ඒත් ඔහු කතා කරලා අපේ වැඩකටයුතු කරගෙන යෑමට නිරවුල් වාතාවරණයක් හදලා දුන්නා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

දෙදෙනාගෙන් කෙනකු වැන්දඹු වන ග්‍රහ යෝගවල බල බිඳින ක්‍රම

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් රිවොර්ඞ්ස් ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමේ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.