බි්‍රතාන්‍ය කවුන්සිලයේ සහ වෘත්තීය පුහුණු අධිකාරියේ සහයෝගය සමගින් Muslim Aid Sri Lanka සංවිධානය Youth and Community Resilience (YCR) නමින් 2018 සැප්තැම්බර් මාසයේදී විශේෂ ව්‍යාපෘතියක් දියත් කිරීමට කටයුතු කළේය.
වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්ය මණ්ඩලය හා සිසුන් පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කිරීම සහ Social Action ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 29 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ BCIS Olympus ශ්‍රවණාගාරයේදී සම්මාන උළෙලක් සහ ව්‍යාපෘති කුසලතා දැක්මක් පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති රවී ජයවර්ධන මහතා සහභාගි වූ අතර බි්‍රතාන්‍ය කවුන්සිලයේ මෙරට අධ්‍යක්ෂිකා ජිල් කැල්ඩිකොට්, Muslim Aid Sri Lanka ආයතනයේ මෙරට අධ්‍යක්ෂ ෆයිසර් කාන්, Peacebuilding හි ප්‍රථම ලේකම් සහ ශ්‍රී ලංකාවේ බි්‍රතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ සංහිඳියා උපදේශිකා ඒමි ඕ’බ්රියන් සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ චූලාංගනී පෙරේරා යන මහත්ම මහත්මීහුද මීට එක්වූහ.