• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

තැලීම් පැනීම් ගැන නොදන්න පැත්ත

November 25, 2019
in Astrology
Reading Time: 1 min read
A A
තැලීම් පැනීම් ගැන නොදන්න පැත්ත
Share on WhatsAppShare on Facebook

මද්දුම බණ්ඩාර ගහළයාට ගෙල දුන්නේ ඉදිරියට පනිමින්ය. ඉදිරිපත් වීම එකකි. ඉදිරියට පැනීම තවත් එකකි. පනින්නා ඉදිරිපත් වීමට පෙර පනියි.
ග්‍රහ ලොව ආවේගශීලී ග්‍රහයා කුජය. කුජගේ ආවේගය තුළ ගරුසරු දැක්වීම් නැත. අදහස් විමසීම් නැත. කුජගේ ගතිගුණ උරුම වූවන් නිතර අන්‍යයන්හට පැරදීමට, යටත්වීමට කැමැත්තක් නැත. දබරයකදී ආවේගශීලීව පනින්නන්ද, සිත පීඩාවට පත්කර සිත අඹරවා ගත්තන්ද ප්‍රතිවාදියාගේ ආවේගය හමුවේ ශරීරය තළා ගන්නෝද දකින්නට ලැබෙති.
කැඩුම් – බිඳුම් වෙදකමේ ප්‍රතිකාර සිදු කරන්නේ කැඩීම්-බිඳීම් සඳහාම පමණක් නොවේ. පැනීම, ඇඹරීම, තැල්ම ද හඳුනා ප්‍රතිකර්ම යෙදීම කැඩුම්-බිඳුම් වෙදකමේ සොබාවයයි.
කැඩීම්-බිඳීම් යන වචන දෙකෙන්ම නිගමනය වන අර්ථය බෙහෙවින්ම සමාන වුවද, කැඩුණු ස්ථානයට වඩා බිඳුණු ස්ථානයේ කුඩා ඇට කැබැලි කිහිපයක් රැඳී සිටීමට ඉඩ ඇත. ශරීරයට සම්බන්ධ වූ ඇටයක්, නහරයක්, කණ්ඩරාවක්, මාංශපේශී කැඩී බිඳී යෑම මින් අදහස් වෙයි.
වාහන අනතුරු ආදියේද කැඩීම්-බිඳීම් බහුලය.

පැනීම හෙවත් විස්ථාපනය කැඩීම්-බිඳීම්වලට වඩා වෙනස්ය. යම්කිසි ඇටයක් සන්ධිස්ථානයෙන් ස්වල්ප වශයෙන් හෝ සම්පූර්ණයෙන් ඉවතට පැනීම මෙහි අර්ථයයි. විශේෂයෙන් උකුල් ඇට, වැළමිට, උරහිස නිතර මෙම අතවරයනට ලක්වන ස්ථානයි.

මිනිසාගේ ශරීරයේ ඇඹරීම අයහපත් වූ සඳු ග්‍රහයාගේ සොබාවයට උපමා කළ හැකිය. සඳු ග්‍රහයා අයහපත් වූ ජන්මියාගේ සිතිවිලි නිතර පීඩාකාරී වෙයි. සිතට සහනයක් නැත. සිතේ ඇඹරීම මත ගතද මන්දෝත්සාහී වෙයි. හුදෙකලාව කනස්සල්ලට පත්වෙයි. කැඩුම්-බිඳුම් වෙදකමේදී යම් මාංශපේශියක්, නහරයක්, කණ්ඩරාවක්, සන්ධියක් ප්‍රමාණයට වඩා උඩට, යටට හෝ හරහට නැමී යෑම ඇඹරීමයි. පහර වැදීමෙන් හෝ වැටීමෙන් ශරීරයේ ඇඹරීම් ඇති විය හැකිය.

මාංශපේශියක්, ශිරාවක්, කණ්ඩරාවක් හෝ සන්ධිස්ථාන ඝන ද්‍රව්‍යයක ගැටීමෙන් ඇති වන ආබාධය තැල්මයි. මෙය බාහිර, අභ්‍යන්තර වශයෙන් කොටස් දෙකකි.
බාහිර තැළීම්වලද තැලුණු ස්ථානය නිල් පාට වන අතර, මාංශපේශි අක්‍රියවත් වෙයි. අභ්‍යන්තර තැළීම යනු මොළය, කුඩා මොළය, පෙණහලු, අක්මා, අන්ත්‍රවල සිදුවන තැළීමයි. එසේ සිදුවන තැළීම්වලදී ඇස් රතු පාට විය හැකි අතර, නාසයෙන් හෝ කන්වලින් ලේ ගැලීම් සිදුවිය හැකිය. බෙල්ලෙන් පහළ අභ්‍යන්තර තැළීම්වලදී මුත්‍රා හෝ ගුද මාර්ගයෙන් ලේ වහනය විය හැකිය.
පැනීම, ඇඹරීම, තැල්ම යන පීඩාවන්වලදී පැනීම මූලිකව වැඩි වශයෙන් සිදුවන්නේ උරහිස් සන්ධිය පැනීමයි. ගැටීමෙන්, වැටීමෙන් සිදුවිය හැකි මෙවන් අනතුරට වැඩි වශයෙන් තරුණ පිරිස් ගොදුරු වෙයි.

උරහිස් සන්ධිය පැන්න විට මෝල්ගසක් වැනි මුගුරක් කිහිල්ල යටට තබා කිහිල්ල උඩට ඔසවා බාහු දණ්ඬේ ගෝලාකාර කොටස සන්ධි කුහරය තුළට පිවිසවා සන්ධි තෙලක් හෝ ගිතෙල් මෘදු ලෙස තවරා වෙළුම් පටිවලින් වෙළිය යුතු බව කියැවෙයි.
උරහිස් සන්ධිය පැනීම හෙවත් විස්ථාපනය නිවැරැදිව හඳුන්වන, සකසන ආකාරය මෙලෙසය.
උරහිස් සන්ධිය ග්ලේනොයිඞ් කුහරය හා ප්‍රගණ්ඩයේ හිස අතර ඇති සන්ධිය ලෙස හැඳින්වෙයි. විස්ථාපනය වන විට ප්‍රගණ්ඩයේ හිස බොහෝ විට ඉදිරියට පනියි. එය පූර්ව විස්ථාපනයයි.
ඉතා කලාතුරකින් ප්‍රගණ්ඩයේ හිස පිටුපසට පැන අපර විස්ථාපනය සිදුවන අවස්ථාද ඇත.
කුඩා තුවායක් නවා දිගු අතට කිහිල්ල යටින් දමා කෙළවර දෙක එක්කර එය උරහිසට උඩින් ඇදීමෙන් විස්ථාපනය සකස් කිරීමට හැකිය.

රෝගියා පුටුවක වාඩි කරවා රෝගියාගේ වැළමිට ඍජු කෝණයකට නවා වැළමිට පහතට අදිමින් යටිබාහුව ක්‍රමයෙන් පිටතට කරකැවීමත්, වැළමිට ඇඟ මැදට ගැනීමත් කළයුතු වෙයි. ඒ සමඟම රෝගියාගේ අත්ල අනෙක් උරහිස දෙසට යොමු කළ යුතුය. එය උරහිස් සන්ධියේ විස්ථාපනය සකස් කිරීමට මඟකි.

වෙළුම් පටිවලින් ගාත්‍රය ඇඟට වෙළා දින 20ක් පමණ විවේකයක් ලබා දීමෙන් විස්ථාපනය සකස් වෙයි. අත ක්‍රමයෙන් චලනය කිරීමෙන් අත යථා තත්ත්වයට පත්වෙයි. උරහිස් සන්ධිය වරින්වර විස්ථාපනය හෙවත් පැනීම සිදුවන්නේ නම් ගැටලුවකි. එය ශල්‍යකර්මයක් මඟින් නිවැරැදි කළයුතුය.

උරහිස් සන්ධිය මෙන්ම ශංඛක, පීචය සන්ධිය විස්ථාපනය හෙවත් හක්ක පැනීමද නිසිව නිවැරැදි කළයුතු විස්ථාපනයකි. මුඛය වැසීමට නොහැකියාව, වේදනාව, දත් දෙපේළිය ඈත්වීම, ගිලීමට, කතා කිරීමට බැරි වීම මෙහි ලක්‍ෂණයන්ය. රෝගියා පුටුවක වාඩි කරවා රෝගියාගෙන් ඇඟිලි හැපීම වැළැක්වීම වෛද්‍යවරයා තම දෙඅත් මහපටැඟිලිවල රෙදි කැබැලි දෙකක් ඔතා එම ඇඟිලිවලින් රෝගියාගේ මුඛයේ අන්තිම දත් යටින් එම දත් මතුපිට ඇඟිලි තබා යටිහක්ක තදින් ඇල්ලිය යුතුය. යටි හක්ක ක්‍රමයෙන් පහළට තල්ලු කර රෝගියාට කට වැසීමට සැලැස්වීමෙන් විස්ථාපනය සකස් වෙයි.

උරහිස පැනීම, හක්ක පැනීම එදිනෙදා අත්විඳීමට දැකීමට ලැබෙන විස්ථාපනයන්ය. මෙම පැනීම් පිළිබඳ නිසි අවබෝධයක් ලබා තිබීම එවන් පීඩාවකින් මිදීමට මඟකි.
පැනීම, ඇඹරීමට, තැල්මට වඩා බලවත්ය. පැනීමෙන්, ඇඹරීමෙන්, තැළීමත් ඇතිවීමට ඉඩ තිබේ. කැඩුම්-බිඳුම් වෙදැදුරු සිය දැනුම අනුව පීඩාවේ ස්වභාවය අවබෝධකර ගනියි.
එය වඩාත් අර්ථවත් වන්නේ පනින්න පෙර සිතා බැලීමට වඩා පැනීමෙන් පසු සිතා බැලීම තුළිනි.

ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

එක බිරියයි පිරිමි ගොඩයි

Next Post

වෘත්තීය පුහුණු අධිකාරියේ කාර්ය මණ්ඩලය හා සිසුන් ඇගයේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.