රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළට අනුව මහජන බැංකුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා එක්ව 2019/20 අධ්‍යයන වර්ෂය තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහනේ සමාරම්භය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
මහජන බැංකුව මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03කි. මේ යටතේ ලබාදෙන උපරිම ණය මුදල රු 100,000කි. මෙහි උපරිම සහන කාලය වන වසර 4ක්ද ඇතුඵව උපරිම ආපසු ගෙවීමේ කාලය වසර 6කි.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.











