• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ලෙස්ටර් ගිරයට ගෙනහිල්ල ආරූඪ කරවපු ඇඩ්ලින් හාමු

February 20, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ලෙස්ටර් ගිරයට ගෙනහිල්ල ආරූඪ කරවපු ඇඩ්ලින් හාමු
Share on WhatsAppShare on Facebook

⬤ මම රඟපෑවෙ ආරූඪෙන්…

⬤ ලෙස්ටර් මහත්තයා හරිම ඕපදූපකාරයා…

⬤ අපි අඹු සැමියන් ලෙස අන්තිමට රඟාපෑවෙ ‘හදවිල අරණෙ’…

සිංහල ටෙලිනාට්‍ය කලාව, අලංකාර මංපෙතකට හැර වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගිරය’ ටෙලිනාට්‍ය ඔබට මතක නැති නම් එය පුදුමයට හේතුවකි. පසුබිම් සංගීතයට පවා ලොමුදැහැගැන්වෙන තරමේ භීතියක් සිතට ගෙනදුන් ‘ගිරයෙහි’ ගුප්ත කතා පුවතකි. නපුරු ‘ලුසිහාමි’ තරමටම ‘ඇඩ්ලින්’ හාමුගේ චරිතයද සියලුම රසික සිත්සතන් තුළ නිදන් ගතවිය. දශක ගණනක් ඉක්ම ගියද අදටත් ‘ගිරයෙහි’ අද්භූත මතකයන් කිසිවකුට අමතක නැත. ඉතින්.., ඒ අමතක නැති මතකය නැවැත නැවැතත් ආවර්ජනය කරන්නට ‘ඇඩ්ලින්’ හාමුට ජීවය දුන් ‘ග්‍රෙස් තෙන්නකෝන්’ සොයා යන්නට අපට සිත්විය. ‘ඇඩ්ලින්’ හාමු තරමට කෙසේවත් ආඩම්බර නොවූ ඈ අප හා දොඩමලුවට අසුන් ගත්තේ නිහතමානීවය.
🔴 පළමුවෙන්ම කැමැතියි ඔබේ අලුත් කලා තොරතුරු ගැන අහන්නට?
ලක්‍ෂ්මන් පුෂ්පකුමාරගේ ‘හදවිල අරණ’ දෙවැනි අදියරෙහි රූගත කිරීම් පසුගියදා නිමවුණා.
තෙවැනි අදියරෙහි වැඩකටයුතු ළඟකදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. කොරෝනා උවදුර මැද ‘හදවිල අරණට’ සහභාගි වී සිටින්නේ. මෙය පළමු කොරෝනා රැල්ල එන්නටත් පළමුව ආරම්භ කර තිබූ වැඩක් නිසයි.
🔴 ‘හදවිල අරණෙහි’ රූගත කිරීම් ආරම්භව තිබුණේ කොරෝනාවට පළමුවද?
ඔව්… එය මඳකලකට පළමුව ආරම්භ කළ ටෙලිනාට්‍යයක රූගත කිරීමක්, කඩින්කඩ එහි රූගත කිරීම් මඳ වශයෙන් ඇනහිටියා කිහිපවිටක්ම.
🔴 ඔබේ සැමියා දයා තෙන්නකෝන්ගේ හදිසි අභාවයද එයට එක් හේතුවක්?
අනේ ඔව්… මමත් තෙන්නකෝනුත් අවසාන වරට අඹු-සැමියන්සේ රඟපෑ නිර්මාණය ‘හදවිල අරණයි’ එහි රූගත කිරීම්වලදී තමයි තෙන්නෙ පළමුව අසනීප වුණේ. ඒ 2019 අවුරුද්දෙ අප්‍රේල් මාසයේදී. අසනීපවෙලා මාස ගණනකින්ම එයා නැතිවුණා. ඔහු කැන්සර් එක නිසා දුක් නොවිඳ එවැනි අවසානයකට ගිය එක ගැන ඇත්තෙන්ම හිතට සැනසීමක්.
🔴 ‘හදවිල අරණෙහි’ ඔහුගේ චරිතයට සිදුවූයේ කුමක්ද?
තෙන්නෙගේ චරිතය නාට්‍යය තුළද එවැනි මියයෑමක් ලෙස සිදුකිරීමට කටයුතු කළා. ඇත්තෙන්ම ඔහුගේ වියෝවෙන් පසුව මට මඳ කලක් යනතුරුම නදීගේ මවගේ චරිතය රඟදැක්වීම තරමකට අසීරු වුණා. ඔහුත් මමත් ජීවත් වූයේ දැඩි ආදරයකින් වීම එයට හේතුවක්.
🔴 කනගාටුදායක සිදුවීමක් ඇත්තෙන්ම?
ලෝක ස්වභාවය එයයි. උපත සමග අප පසුපස හඹා එන නොවෙනස් වන එකම නෑයා ‘මරණය’යි. කොයි මොහොතේ එය අපව හෝ අප සමීපතමයන්ව ඔහුට අවනත කොට ගෙන රැගෙන යනවා. ඒ තමා සත්‍යය.
🔴 අසුබ කතා නවතා, මොහොතකට අප යමු අසූව දශකයේ ටෙලි වසන්තයට?
ඇත්තෙන්ම, දිමුතු මුතු, පළිඟු මැණිකේ හරහා ටෙලි කලාව වසන්තයක් වූ ඒ යුගය හරිම අපූරුයි.
🔴 ඔබව හොයාගෙන ආවේ, ඒ අපූර්වත්වයෙහි කඩඉමක් වූ ‘ගිරය’ ගැන කතා කරන්නයි?
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කරපු හරි ලස්සන හපන්කමක් ඒක. ඒ වාගේම ‘ඇඩ්ලින්’ හාමුගේ චරිතය. මගේ රංගන ජීවිතයේ සුවිශේෂී සලකුණක්.
🔴 කොහොමද ‘ඇඩ්ලින්’ හාමුව ඔබට මුණගැහුණේ?
මුණගැහුණා නෙවෙයි. ලෙස්ටර් මහත්තයා මාව ‘ඇඩ්ලින්’ හාමු ළඟට අරන් ගියාය කිව්වොත් තමා හරියටම හරි.., මොකද පුණ්‍යකාන්ති නෝනගේ ‘ගිරය’ පොත ටෙලිනාට්‍යයට ගන්නවා කියලවත් මම දැනගෙන හිටියේ නැහැ. ඒ වාගේම ‘ඇඩ්ලින්’ හාමුට පළමුවෙන් තෝරගෙන තිබුණේ අයිරාංගනී සේරසිංහ මහත්මියවයි. කොටස් කිහිපයක රූගත කිරීම් නිමාවේදී අයිරාංගනී සේරසිංහ මහත්මිය අසනීප වෙන්න ගත්තා. වෛiවරු ඇයට ‘බෙඩ් රෙස්ට්’ කරන්න කියල වෝර්නින්ග් දුන්නාම ඈ බොහොම කනගාටුවෙන් ‘ගිරයෙන්’ අයින් වුණා.
🔴 ලෙස්ටර් මහත්තයා කබලෙන් ළිපට වැටුණා?
නැතුව ඉතින්.. අයිරාංගනී සේරසිංහ වෙනුවට කෙනෙක් හොයන එක පහසු නැහැනේ. ලෙස්ටර් මහත්තයා ඉතින් ‘ඇඩ්ලින් හාමු’ට හරියන ඊළඟ ස්වරූපය හොයනවා ඔන්න. වෙනත් රංගන ශිල්පිනියක්ද ‘ඇඩ්ලින්’ හාමු විදියට ‘ගිරයට’ එන්න බලාගෙන ඉන්නව… ඒත් ඉතින් ලෙස්ටර් මහත්තයට ඒ ස්වරූපයන් හිතට වැදුණේ නැහැ. ඔහු ඔහුගේ ඇසිස්ටන් ඩිරෙක්ටර්ට කිව්වලු කාව හරි ‘ඇඩ්ලින්’ හාමුට තෝරන්න උදව් කරන්න කියලා. ඔහු දීලා තියෙන්නේ මගේ නම. එතකොටත් මම ගුවන්විදුලි සංස්ථාවේ වැඩ. ඒ අතර ‘රන්කහවණු’ ටෙලියෙ රඟපානවා. මම රඟපෑ යමක් පෙන්නන්නැයි කියන කොට අර ඇසිස්ටන් මහත්තයා ‘රන් කහවණු’ ටෙලිනාට්‍යය පෙන්නුවාලු.
🔴 එතැනදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔබ ගැන සෑහීමකට පත්වුණාද?
එහෙම වෙන්න ඇති. එතුමා මට ඔවුන්ගේ නිවෙසට එන්න කිව්වේ ඒ නිසානෙ ඉතින්. මම ගියේ පොඩි චකිතයකින්… මගෙන් මොනවා අහයිද… මම දෙන උත්තර මොනවද කියලා ටිකක් විතර දෙදුලාමෙන් හිටියෙ. ඒත් ඉතින් ආගිය තොරතුරු… නළු නිළියන්ගේ ඕපාදූප කතා කළා මිසක වෙන මොනවත් ඇහුවේ නැහැ. ලෙස්ටර් මහත්තයා කොහොමත් හරි ඕපාදූපකාරයා නොවැ…
🔴 සමහර විට කතාබහ අතරතුර ඔහු ඔබව නිරීක්‍ෂණය කළා වෙන්න බැරිද?
හරියටම හරි… සිද්ධ වුණේ ඒකම තමයි… කතාබහ අතරතුර ලෙස්ටර් මහත්තයා මං දිහාවේ ඇලේට වාගේ බලලා ‘පෙනුම තමයි ප්‍රශ්නෙ ඔබව සෑහෙන වියපත් කරන්න වෙනවා’ කියලා එකපාරටම කිව්වා.
🔴 ‘ඇඩ්ලින්’ හාමුට කැමැත්තෙන් හිටි ඔබේ හීනය කඩාවැටුණද?
හිත ටිකක් නොසන්සුන් වුණා. හැබැයි ලෙස්ටර් මහත්තයාගේ නිර්මාණයක රඟපාන්න කොයිතරම් ආසාව තිබුණත් මාව අහවල් චරිතයට නුසුදුසුයි නම්, කවදාවත් ඒ පසුපස යන පුරුද්දක් මට තිබුණේ නැහැ.
🔴 ඉතින් මොකද වුණේ කියන්නකෝ…?
ලෙස්ටර් මහත්තයට මාව ‘ඇඩ්ලින්’ හාමුගෙන් වෙන් කරන්න බැරි වුණා. කොහොමින් හරි ඇඩ්ලින් හාමු වෙන්න තරගයක යෙදී හිටපු රංගන ශිල්පිනියන් පැත්තක සිටියදී එතුමා මාව තෝරා ගත්තා. දැනුණු සතුට අප්‍රමාණයි. මගේ පෙනුම ‘ඇඩ්ලින්’ හාමු වෙනුවෙන් වියපත් වෙන කොට මට මාවම හඳුනාගන්න බැරි වුණා.
🔴 ඔබේ හඬ සහ හැසිරීම් ස්වරූපය ලෙස්ටර් මහත්තය වෙනස් කළේ කොහොමද?
ඒ වෙනස්කම් ආරූඪ කරගත්තේ මමමයි. බොහෝ විට එය ආරූඪයකුත් නෙවෙයි. මම හිතන්නේ මම කළේ ‘ඇඩ්ලින්’ හාමුට අවතීර්ණ වීම. ගොරෝසුවට කතා කිරීම. අත-පය හෙළවීම සහ ඇවිදීමද ‘ඇඩ්ලින්’ හාමුට අනුව සිදුවුණේ නිරායාසයෙන්මයි.
🔴 ‘ලුසිහාමි’ ගෙල මිරිකන මොහොතේ ඔබ පිට කළ ‘ගොර ගොර’ හඬට ලෙස්ටර් මහත්තයා තිගැස්සුණාලු?
ඒකනේ… ඒ ගිරයෙහි අවසන් රූගත කිරීම් පෙළ ‘ලුසිහාමි’ මගේ ගෙල මිරිකනවා… ලෙස්ටර් මහත්තයා කරන්න කිව්වේ ඇස්දෙක ලොකු කරලා කකුල් දෙක දඟලවන සීන් එක විතරයි. උගුරෙනුත් ගොර ගොරයක් කළා නම් වඩා සාර්ථකයි කියලා මට සිතුණා. ඉතින් මං ඒ විදියට සද්ද කළා.., ලෙස්ටර් මහත්තයා කලබල වෙලා… ‘කවුද ඒ මොකක්ද ඒ වෙන්නේ,’ කිය කියා වටිපිට බලනව. අන්තිමේදී කාරණය වටහාගෙන ඒ දර්ශනය එච්චරට සාර්ථක වීම ගැන එතුමා පැහැදුණා.
🔴 අයිරාංගනී සේරසිංහ මහත්මියගේ අඩුපාඩුව නොදැනෙන්න ඒ මෙහෙවර ඔබ අපූරුවට කළා?
ඔව්… පාරට්ටුවක් කියනවා නෙවෙයි… මම එය හැකි පමණ අපූරුවට කළා.
🔴 ලෙස්ටර් මහත්තයා ඔබට ඒ සඳහා අගයක් දුන්නාද?
සත්තකින්ම දකින හැම මොහොතකම ගිරයෙන් පසුව මුණගැහෙන සෑම අවස්ථාවකම ඔහු මට හොඳ අගයක් දුන්නා. ඒ අගය කිරීමට තිබුණේ වචන කිහිපයයි. ‘ග්‍රේස් ඔයා මාව බේරාගත් විදිය අගෙයි…’ ඒ වචන තුළ තිබුණේ ‘ගිරය’ නිර්මාණය අතරමග නතර වෙන්නට නොදී, ‘ඇඩ්ලින්’ හාමු වෙනුවෙන් මා කළ මෙහෙවර තුළ එතුමා සෑහීමකට පත්ව සිටි සතුටයි.
🔴 ‘ගිරය’ ඔබේ රංගන ජීවිතයේදී සුවිශේෂී කඩඉමක්?
අනිවාර්යයෙන්ම එය අවිවාදාත්මකව පිළිගත යුතුයි. ඇසූ පිරූ තැන් ඇති අධ්‍යක්‍ෂවරයකු යටතේ ලැබූ පන්නරය වාගෙම, ටි්‍රලිෂියා ගුණවර්ධන වැනි අති දක්‍ෂ උගත් කලාකාරියකගේ ඇසුරට ඉඩ සැලසීමද මා ‘ගිරය’ තුළින් ලද භාග්‍යයයක්. ඒ වාගේම වසන්ති චතුරානි, චාන්දනී සෙනෙවිරත්න ඇතුළු ප්‍රධාන රංගන ශිල්පිනියන් ඉතා සාමූහිකව එදා මා හා කටයුතු කිරීම ගැනද මම දැඩි සතුටට පත්වූ වගද අමතක නොකර කිව යුතුමයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සමලිංගික චරිත කරන්න මම සමලිංගිකයෙක් නෙමෙයි

Next Post

විශ්වවිද්‍යාල අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප්

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.