• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ලීසිං මාෆියාවක්ද?

June 22, 2020
in Business
Reading Time: 2 mins read
A A
ලීසිං මාෆියාවක්ද?
Share on WhatsAppShare on Facebook

කොවිඞ්-19 වසංගතය පැතිරීමත් සමඟම මෙරට ඇතුළු ලොව පුරා විවිධ ව්‍යාපාර හා පුද්ගල ආර්ථිකයේ දැඩි කඩා වැටීමක් සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකයද පසුබෑමකට ලක්විය. වැටුණු ආර්ථිකය ගොඩනැගීමට රටක් වශයෙන් යළි නැගිටිමට අපගේ සාමුහික වගකීම මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි ඒ වෙත දායකත්වය කථා බහට ලක්විය. ඒ අතර මූල්‍ය සේවාව වෙත චෝදනාද එල්ල විය. විශේෂයෙන් බැංකු නොවන මූල්‍ය ආයතනවල ලීසිං සේවාව ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ හැඳින්වුණේ ‘ලීසිං මාෆියාව’ ලෙසිනි. එහෙයින් එම චෝදනාවලට යම් පිළිතුරක් සැපයීමක් ලෙස ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා මහ බැංකුවෙහි අනුමැතිය ලද බැංකු නොවන මූල්‍ය ආයතනයන් හි කාර්යභාරය හා එහි ක්‍රියාකාරීත්වය කෙබඳු දැයි විග්‍රහ කර බැලීම කාලෝචිත වේ. එවැනි විග්‍රහයකට තොරතුරු ලබා ගැනීමට වඩාත් සුදුසු ආයතනයක් වන්නේ මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන අතර ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමය. වර්තමානයේ පවතින චෝදනා හා වගකීම්සහගත ලීසිං සමාගමක ක්‍රියාකාරීත්වය කෙබඳු විය යුතු දැයි මෙම අදහස් දැක්වූයේ පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධීකාරී, ඒ. එස්. ඊබ්‍රහීම් මහතාය.

  1. වර්තමානයේ පවතින ආර්ථික අවපාතය හා ගෝලීය කොවිඞ්-19 වසංගතය හමුවේ බැංකු නොවන මූල්‍ය සමාගම් සතු කාර්යභාරය ඔබ දකින්නේ කෙසේද?
    ගම් මට්ටමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට බැංකු හරහා මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී යම් යම් සීමා පවතිනවා. එවැනි අවස්ථාවලදී බැංකු නොවන මූල්‍ය සමාගම් විසින් ලබා දෙන සේවාවන් බොහෝ වැදගත් වෙනවා. එමෙන්ම මහජනතාව තම මූල්‍ය අවශ්‍යතාවන්හිදී අවිධිමත් මූල්‍ය සේවා සපයන්නන් වෙතින් වැඩි පොළියට මූල්‍ය පහසුකම් ලබාගෙන විවිධාකාර අපහසුතා වලට ලක්වන අවස්ථා බොහෝයි. එම තත්ත්වයන් බොහෝ ලෙස මඟහැරෙන්නේ හා අවම වන්නේ බැංකු නොවන මූල්‍ය ආයතනවල සේවාව හේතුවෙනුයි.
    ගෝලීය කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ඇතිවූ ආර්ථික අවපාතය මත බොහෝ ව්‍යාපාර අසීරුතාවට පත්ව තිබෙන මෙවැනි වකවානුවකදී ගනුදෙනුකාරභවතුන්ගේ මූල්‍ය අසීරුතාවන්ට මානුෂීය මුහුණුවරකින් සවන්දීම කළ යුතුමයි. එමෙන්ම පීඩාවට පත් ව්‍යාපාර නැවත ගොඩනැගීමට අවශ්‍ය මූල්‍ය උපදෙස් හා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම අප විසින් කළයුත්තක්. මන්ද ඔවුන් දිඟුකාලීනව අප මූල්‍ය ආයතන කෙරෙහි දැඩි විශ්වාසයකින් හා ලෙන්ගතුබවකින් කටයුතු කළ පුද්ගලයන් වීම නිසාවෙන්.
  2. පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ බොහෝ ව්‍යාපාර දැඩි පසුබෑමකට පත්ව තිබෙනවා. එම අසීරු තත්ත්වයෙන් ඔබේ ගනුදෙනුකරුවන් මුදවාගැනීමට පීපල්ස් ලීසිං සමාගම කටයුතු කරන්නේ කෙසේද?
    යම් ව්‍යාපාරයක් ආර්ථික වශයෙන් පසුබෑම සඳහා ස්වභාවික විපත්රැ ආපදා, ආර්ථික අවපාත මෙන්ම අදාළ ව්‍යාපාරය නිසි ලෙස කළමනාකරණය නොකිරීම ද හේතුපාදක විය හැකියි. මුළු ලොවටම බලපෑ කොවිඞ් වසංගතයද එවැනි අභියෝගයක්. නමුත් වගකීම්සහගත මූල්‍ය සමාගමක් ලෙස අපේ ගනුදෙනුකාරභවතුන් අපට බොහෝ වටිනා බව කිව යුතුමයි. එහෙයින් සැබෑවටම කොවිඞ් වසංගතය හේතුවෙන් අසීරුතාවට හා ආපදාවට පත් වු අපේ ගනුදෙනුකාරභවතුන්ට අදාළ නියාමනයන්ට යටත් ව ලබා දිය හැකි සහන සැලසීමට අප කටයුතු කරනවා. විශේෂයෙන්ම රජය විසින් හඳුන්වා දී තිබෙන නීතී රෙගුලාසී අනුගමනය කිරීමට මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවකට අනුබද්ධිත මූල්‍ය සමාගමක් ලෙස අප බැඳී සිටිනවා.
    මෙහිදී අප විශේෂයෙන්ම සදහන් කළ යුත්තේ මෙවැනිම අභියෝගාත්මක සිදුවීම් මෙයට පෙරත් මෙරට සිදුවී තිබෙන බවයි. එම සියලු අසීරු අවස්ථා වලදී පීපල්ස් ලීසිං සමාගම ගනුදෙනුකාරභවතුන්ගේ යහපත වෙනුවෙන් ඉදිරිපත් වූ බව අතීතය සාක්ෂි දරනවා. උදාහරණයකට අප රට මුහුණ දුන් දැඩි විපත් සිදු කළ ව්‍යසනයක් වන්නේ 2004 වසරේදී ඇතිවූ සුනාමී තත්ත්වයයි. එම සුනාමී විපතෙන් ආපදාවට පත් පුද්ගලයන් සඳහා වැඩිම සුනාමී සහන ණය ලබා දුන් බැංකු නොවන මූල්‍ය සමාගම වන්නේ පීපල්ස් ලීසිං සමාගමයි.
    එමෙන්ම පසුගිය වසරේදී පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් බිඳ වැටුණු ව්‍යාපාර යළි ගොඩනැගීම සඳහා ණය සහන ලබා දෙමින් ගනුදෙනුකාරභවතුන්ට ව්‍යාපාර ගොඩනැගිමට අප සහයෝගය අප ලබා දුන්නාග එසේ අප ගනුදෙනුකාරභවතුන්ට අවශ්‍ය මූල්‍ය සහන සැලසුවේ අපේ ශාඛා ජාලය හරහා පෞද්ගලික විමසීම් පවා සිදුකරමිනුයි. එම විපත් වලදී පීඩාවට පත් අපේ ගනුදෙනුකරුවන් ඊට සාක්ෂී දරණු ඇත.
    එයට අමතරව ජල ගැලීම් හා නායයෑම් වැනි ස්වභාවික ආපදා වලදීද විපතට පත් ගනුදෙනුකාරභවතුන්ට අවශ්‍ය ණය සහන සැපයූවා පමණක්ම නොව ඔවුන් හා සෙසු විපතට පත් මහජනතාවට විශාල වශයෙන් ආධාර සැපයූ මෙරට සමාගම් අතරේ පීපල්ස් ලීසිං සමාගම පසුවන්නේ පෙරමුණේයි.
  3. මූල්‍ය සමාගම් විසින් සිදුකරන ‘ලීසිං මාෆියාව’ පසුගිය දිනවලදී වැඩි කතාබහකට ලක්වූවක්. මෙය සම්බන්ධයෙන් ඔබ ආයතනය කටයුතු කරන්නේ කෙසේද?
    ලීසිං වාරික ගෙවීම අතපසු කිරීමල වාහනය අත්පත් කරගැනීම දක්වා දුරදිග යෑමට ඉඩ නොතබා කටයුතු කිරීමට පීපල්ස් ලීසිං සමාගම විශාල පරිශ්‍රමයක් දරනවා. අප සමාගමේ පළපුරුදු හා සුහදශීලී කාර්ය මණ්ඩලය යම් මූල්‍ය සැලසුමක් හඳුන්වා දෙන්නේ ගනුදෙනුකාරභවතාගේ ආර්ථීක ස්වභාවය හොඳින් හඳුනාගෙන හා ආපසු ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් ඔහු සමඟ දීර්ඝව සාකච්ජා කිරීමෙන් පසුවයි. තවද මූල්‍ය පහසුකම ලබාදීමෙන් පසුවද මනා පසු විපරමක් අප විසින් සිදු කරනවා. වාරික ගෙවීමේ දිනය කල් ඇතිව දැනුම් දීම අප සිදු කරනවා.
    යම් හෙයකින් ගනුදෙනුකාරභවතා සැබෑ මූල්‍ය අසීරුතාවකට පත්ව ඇත්නම් ඔහු සමඟ සාකච්ජා කර ඔහුට ගැලපෙන විකල්ප මූල්‍ය සැලසුමක් පවා අප හඳුන්වා දෙනවා. ඊට අමතරව ගෙවීම් අතපසු වු ගනුදෙනුකාරභවතුන් සමඟ ඉදිරි ගෙවීම් පිළිබඳව එකඟතා ඇති කරගැනීමට විශේෂ ඒකක 2ක් අප ප්‍රධාන කාර්යාලයේ පිහිටුවා ඇත්තේද ගනුදෙනුකාරභවතුන් තවදුරටත් ආරක්ෂා කිරීමේ අරමුණෙන්. ගෙවීම් පැහැර හැරි ගනුදෙනුකාරභවතෙකුට තමා සත්‍ය වශයෙන් පත්ව ඇති අසීරුතාව සම්බන්ධයෙන් ඉහළ කළමනාකාරීත්වය සමඟ කතාකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අප ‘විවෘත දොර’ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා. විශේෂයෙන්ම කිවයුත්තේ අප ආයතනය විසින් ගෙවීම් පැහැර හැරි අවස්ථාවලදී කටයුතු කරන්නේ 2000 මූල්‍ය ලීසිං පනතෙහි 56 වන වගන්තියට අනුකූලවයි.
    තවත් කිවයුතු විශේෂ කරුණක් වන්නේ අප සමාගම වාරීක ගෙවීම් අතපසු වු වාහනයක් අත්පත් කරගැනීමට යොමු වන්නේ මාස 05-06 කින් ගෙවීම් අතපසු වු ගනුදෙනුකාරභවතුන් සඳහා වන අතර එයට පෙර අදාළ ගනුදෙනුකාරභවතා සමඟ සාකච්ජා කිරිමෙන් අනතුරුව ගනුදෙනුකරු සතු ගෙවීමේ හැකියාව මනාව අධ්‍යනය කර ගනුදෙනුකරු විසින් සිතා මතා ගෙවීම් පැහැර හරින විට අප හට අදාළ ගනුදෙනුකාරභවතා සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වු අවස්ථාවකදී පමණයි.
    එමෙන්ම වාහන අත්පත් කරගැනීමේ නියෝජිත නිලධාරීන්ව අප සමාගම විසින් වාර්ෂික ලියාපදිංචි කරනවා. සමාගමේ හෝ ගනුදෙනුකාරභවතාගේ කීර්තිනාමයට හානි නොවන සේ කටයුතු කිරීමට උපදෙස් ඔවුන්ට සමාගම විසින් ලබාදෙනවා. පොලීසිය හා නීතිවේදීන්ගේද සහයෝගය ඇතිව මෙරට මූල්‍ය ආයතනයක් පළමුවරට වාහන අත්පත් කරගැනීමේ නියෝජිත නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් මුල් වරට පැවැත්වූයේද අප සමාගමයි. එය වරින් වර අප සමාගම විසින් සිදුකරනවාග
  4. මේ මූල්‍ය සමාගම් වෙනස් විය යුතු කාලයයි. එනම් මෙය මූල්‍ය සමාගම් විසින් දැනට අනුගමනය කරන ‘සම්ප්‍රදායික’ චින්තනයෙන් ඔබ්බට ගොස් ජනතාවට වඩාත් ඵලදායි ‘නව්‍ය මූල්‍ය සේවා’ සැපයිය යුතු කාලයක්. එවැනි නව දැක්මකින් සිතන හා ජන අවශ්‍යතාවට හරියටම ගැලපෙන මූල්‍ය සේවාවන් සැපයීමට ඔබ ආයතනයට යම් සැලසුමක් තිබෙනවාද?
    ඔව්. ඇත්ත වශයෙන්ම කොවිඞ් වසංගතය මෙරට ව්‍යාපාරකරණය නවමං සොයා යා යුතු බව පහදා දුන්නා. එය ව්‍යාපාර සඳහා කදිම ව්‍යාපාර අවස්ථාවක්ග ‘ඩිජිටල් මූල්‍ය සේවා’ මෙරට ජනතාවට වඩාත් සමීප කරවීමට හැකි වූයෙත් මෙම වසංගතයේ සුබවාදී ප්‍රතිඵලයක් ලෙසිනුයි. අප සමාගම තුළ ඒ වන විටත් පැවැති ‘ඩිජිටල් මූල්‍ය සේවාව’ වඩාත් ප්‍රචලිත කිරීමේ අවස්ථාව අපට ලැබුණා. පැවැති ඇඳිරි නීතිය හමුවේ පවා අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස අප දිවයින පුරාම සීමිත මූල්‍ය සේවා ලබා දීම අඛණ්ඩව සිදුකළා. එහිදී අපේ ඩිජිටල් මූල්‍ය සේවාවද’ ගනුදෙනුකාරභවතුන්ට විශාල පහසුවක් වූවා.
    එමෙන්ම ඇඳිරි නීතිය පැවැති සමයේ පවා අපේ තැන්පතුකරුවන්ගේ තැන්පතු පොළිය නියමිත දිනයට පියවීමත් අප සිදු කළේ අපේ කැපවීමෙන් යුත් කාර්ය මණ්ඩලය නිවසේ සිට වුවද එම කාර්යයන් නිසි ලෙස ඉටු කළ නිසායි. එයද අප සමාගම තොරතුරු තාක්ෂණික අංශයෙන් ඉතා දියුණු තත්ත්වයක පසුවන බවට කදිම සාක්ෂියක්.
    ඉදිරියේදීත් අපේ පළපුරුදු හා සුහදශීලී කාර්ය මණ්ඩලය විසින්ිපීඑල්සී ඩිජිටල් මූල්‍ය සේවාව’ හා ජංගම දුරකතන ඔස්සේ .ඉන්ටැප්’ යොමුව වැනි අපේ නව්‍ය භාවිතාවන් ද උපයෝගී කරගනිමින් නව්‍ය මූල්‍ය සේවා අත්දැකීම් ගනුදෙනුකරුවන්ට ළගා කරදීමට නිරතුරුවම කටයුතු කරනවා. ඒවා තවදුරටත් ගනුදෙනුකාරභවතුන් අතර වඩාත් ප්‍රචලිත කිරීමටත් අප කටයුතු කරනවා.
    එමෙන්ම ඔබ ඇසුවා සේ ජන අවශ්‍යතාවට ගැලපෙන මූල්‍ය සේවා වර්තමානයේ හරිම වැදගත්. අප දැනටමත් එවැනි නව්‍ය මූල්‍ය සේවා හඳුන්වා දී තිබෙනවා. ඒවා එක් එක් වයස් කාණ්ඩය, ආර්ථික මට්ටම හා වෘත්තීය ස්වභාවයට වඩාත් ගැලපෙන සේ නිර්මාණය කළ ඒවා.
  5. බැංකු නොවන මූල්‍ය ආයතනවල ‘සුරක්ෂිතභාවය’ පිළිබඳව මෙම දිනවල ප්‍රශ්නාර්ථයක් පැන නැගී තිබෙනවා. පීපල්ස් ලීසිං සමාගමේ ‘සුරක්ෂිතභාවය’ සම්බන්ධයෙන් ඔබේ ගනුදෙනුකරුවන්ට සැපයෙන පණිවිඩය කුමක්ද?
    පීපල්ස් ලීසිං සමාගම, මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මූල්‍ය සමාගමක්. එම සුරක්ෂිතභාවය අප සතුයි. එයට අමතරව අප කොටස් වෙළෙඳපලේ ලැයිස්තුගත සමාගමක්ග එසේම පීපල්ස් ලීසිං සමාගමල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට ලක්වන බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. එම මඟපෙන්වීම් අනුව අප ක්‍රියාත්මක වනවා. වගකීම් සහිත මූල්‍ය සමාගමක් ලෙස අපේ සියලු මූල්‍ය සේවා වගකීම් සහගත වන්නා සේම අප අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වලට හිමිකම් කියන සමාගමක්.
    අප මෙරටිජන හද හඳුනන’ මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස වසර 24ක් පුරාම අඛණ්ඩව පැවතුනේ වැඩිම ගනුදෙනුකාරභවතුන් පිරිසක් සඳහා අපගේ සේවය ලබා දෙමින් රටේ සංවර්ධනයට ද අපේ දායකත්වය ලබා දෙමින්ග එමෙන්ම ලීසිං සමාගමක් සේ ආරම්භ වූ අප සමාගම පූර්ණ මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස අනුබද්ධිත සමාගම් කිහිපයක් සමගින් විවිධාංගීකරණය වෙමින් වර්ධනය වුවාග
    බිඳවැටුණු මූල්‍ය සමාගමක් සඳහා පීපල්ස් ලීසිං සමාගම මැදිහත් වීමෙන් තැන්පත්කරුවන්ගේ ඉතුරුම් මෙන්ම සේවකයන්ගේ රැකියා සුරක්ෂිතවුවාග
  6. මූල්‍ය සේවා සැපයීමෙන් ඔබ්බට ගොස් සමාජය සවිබලකරණයෙහි පීපල්ස් ලීසිං සමාගමේ දායකත්වය කෙබඳුද?
    වසර පුරා ක්‍රියාත්මක වන සමාජ සත්කාරක වැඩසටහන් හරහා අප සමාගම පරිසරය සුරැකීම, මුල් ළමාවිය සහ පාසල් අධ්‍යාපනය ගොඩනැංවීම , ව්‍යවසායකත්වය සහ මුල්‍ය සාක්‍ෂරතාව නැංවීම සහ සෞඛ්‍යය සේවා ඇතුලූ ප්‍රජා මූලික යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ජන දිවිය සවිබල ගැන්වීම ආදි අංශ ඔස්සේ අපගේ මුල්‍ය දායකත්වය ලබා දෙමින් කාර්යය මණ්ඩලයේද ස්විච්ඡා දායකත්වය ද ලබා දෙනවාග මේ තුළින් එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමටත් සමාගමේ දායකත්වයක් අප ලබා දෙනවා.
  7. පීපල්ස් ලීසිං සමාගම සතු සුවිශේෂතා මොනවාද?
    1996 වසරේදී මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙස අප සමාගම ඇරඹුවේ එවකට අපේ රටේ පැවැති මගී ප්‍රවාහනය වඩාත් ගුණාත්මක කිරීමේ අරමුණෙන්. එයට අනුව මහජනතාවගේ පොදු ප්‍රවාහන සේවය වැඩි දියුණු කිරීමට බස්රථ 10,000 කට ආසන්න ප්‍රමාණයක් එක් කරමින් අප සක්‍රීය දායකත්වය ලබාදුන්නා.
    එයින් පසුව ලීසිං පහසුකම් සැපයීමෙන් අප මෙරට කෘෂිකර්මාන්තය හා ඉදිකිරීම් ක්ෂේත්‍රයන්හි සංවර්ධනය සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායකයන් සවිබලගැන්වීමට ඉහළ දායකත්වයක් සැපයූ සමාගමක් ලෙස අප සමාගම හඳුන්වා දිය හැකියි.
    පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂතාවක් වන්නේ රාජ්‍ය අංශයේ වගකීම් සහගතබව හා පෞද්ගලික අංශයේ නම්‍යශීලිත්වය එක්වීමයි. වසර 24ක් පුරා අප මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නෙකු වූයේත් එම සුවිශේෂී ගුණාංගවලට සුහදශීලි, පළපුරුදු හා කාර්යක්ෂම සේවයක් එක්කරමිනුයි.
    බැංකු නොවන මුල්‍ය ආයතන වලින් මුල්‍ය පහසුකම් ලබාගත් වැඩිම ගණුදෙනුකාරභවතුන් පිරිසකටද අප හිමිකම් කියනවා. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගත කිරීම් අනුව A+ (lka) ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 7 වන වරටත් ශ්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමක්. ශ්‍රී ලංකාව තුළ වටිනාම හා ප්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදුකරන බ්‍රෑන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින්ද ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක්වුණා. එමෙන්ම අප සමාගම ඛිස්නස් ටුඬේ 30 ශ්‍රේණිගත කිරීමි ද ඇතුළත් සමාගමක්. දෙස් විදෙස් ප්‍රමුඛතම සම්මාන හිමිවීමෙනුත් අප සමාගම මෙරටට විශේෂිතයි.
    අපගේ සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සැමගේ දැනුවත් වීම පිණිස මෙම කරුණු ඉවහල් වනු ඇත. පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රැ සාමාන්‍යාධිකාරි ඒ. එස්. ඊබ්‍රහීම් මහතාණෙනි, ඔබට බොහොම ස්තූතියි.
SendShareShare
Previous Post

ලෝක කුසලානය විකිණීම මහින්දානන්දටම පාරාවළල්ලක් වෙයි (VIDEO)

Next Post

ව්‍යවස්ථාව වෙනස් කරන්න මහින්ද සූදානම්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.