2011 ක්‍රිකට් ලෝක කුසලානය විකිණූ බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද ප්‍රකාශ කළද එදා තරගය පැවැති පිටියේදී ඒ මහතා සදහන් කර ඇත්තේ වෙනස්ම කාරණයක් බව හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අනාවරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එදා මහින්දානන්ද අලුත්ගමගේ මහතා තරගය පරාජයට පත්වීමෙන් පසු ක්‍රීඩාපිටියේදීම සදහන් කර ඇත්තේ තරගය පාවා දී නොමැති බවකි.
එදා එම ස්ථානයේ සිටි හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා තමන්ට ඒ බව සදහන් කළ බවද රාමනායක මහතා කීය.
නමුත් අද මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනස්ම කතාවක් කියන බවද රාමනායක මහතා සදහන් කර සිටියේය.










