• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාව වෙනස් කරන්න මහින්ද සූදානම්

June 22, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
ව්‍යවස්ථාව වෙනස් කරන්න මහින්ද සූදානම්
Share on WhatsAppShare on Facebook

ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඇතිවී තිබෙන විකෘති ක්‍රමවේදයන් වෙනස් කිරීමට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කලේ කුරුණෑගල පල්ලේමුල්ල මොරතිහ ගම්මානයේ ඊයේ පස්වරුවේ (21) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජන හමුවක් අමතමිනි

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා –
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයෝ 18 දෙනෙක් ඉදිරිපත් කරලා තිබෙනවා. අපි හිතුවා අපේ අපේක්ෂකයින්ගේ ගෙවල්වලට ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඒ අනුව තමයි මේ දින කිහිපය ජන රැලි සංවිධානය වුණේ.
විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට පත්වෙන අයට ආසනේ පිළිබඳවත්, ප්‍රදේශය පිළිබඳවත්, රට ගැනත් අවබෝධයක් තිබිය යුතුයි. අපි අපේක්ෂකයෝ විදිහට තෝරා ගත්තේ එවැනි පිරිසක්. පාර්ලිමේන්තුවට ගියාම තමන්ගේ ගමේ ප්‍රශ්න විතරක් නෙමෙයි පළාතේ කලාපයේ ප්‍රශ්න තමන්ගේ රටේ ප්‍රශ්න විතරක් නෙවෙයි ලෝකෙ තියෙන ප්‍රශ්න ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා හොඳ අවබෝධයක් ඇති අයයි අපේක්ෂකයෝ විදිහට අපි පත් කරලා තියෙන්නේ. අපිට ශක්තිමත් පිරිසක් සිටින්නේග අපේ පක්ෂය කැඩිලා නැහැ. අපි පක්ෂ රැසක් එකතු වෙලා කණ්ඩායමක් විදියට පෙරමුණක් විදිහට මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය අද දෙකඩ වෙලා. එක පිලක් සජිත් ප්‍රේමදාසට අනෙක් පිල රනිල් වික්‍රමසිංහට. පිල්වශයෙන් දෙකට බෙදිලා. අද රූපවාහිනී බැලුවොත් දකින්න ලැබෙන්නේ ඒ දෙගොල්ලෝ ගහ ගන්නවා විතරයි. එකිනෙකාට මඩ ගහ ගැනීම හැර දේශපාලන වැඩපිළිවෙළක් ගැන කතා කරන්නේ නැහැ. සමහරු තමන්ගේ පරාජයන් ගැන කතා කරන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තමයි තරඟ වැදුණේ. එතුමා වැඩි ඡන්ද සෑහෙන ප්‍රමාණයක් ගත්තා. එදා ඉඳලා හැමදාම තරඟ කරන කොට එන්න එන්න ඡන්ද ප්‍රමාණය එන්න එන්න අඩු වුනා. අවසානයේ අන්තිමට පැරදුනා. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාව පරාද වුණා. ඒකෙන් පැහැදිලි වෙන්නේ එතුමා ගැන පළාතේ ගමේ රටේ තියන හැඟීමයි. ඒ නිසා තමයි එතුමා මේ පාර කොළඹට ආවේ. මට දවසක් එතුමා හමුවුන වෙලාවේ මම කිව්වා ආසනය දාලා යන්න එපා කියලා. ආසනේ දාල ගියොත් ඉදිරියට යන්න ටිකක් අමාරු වෙනවා. ඒ ගැන අවධානයක් යොමු කරන්නැතුව කොළඹට ආවා.
දැන් එක්සත් ජාතික පක්ෂය කැඩිලා වෙනම දේශපාලන පක්ෂයක් හදලා. වෙනම තරඟ වදිනවා. අපේ පොහොට්ටුවේ ජයග්‍රහණය තුනෙන් දෙකක බලයක් දිනා ගැනීම අපේ අපේක්ෂාවයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබුනොත් තමයි ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඇතිවෙලා තියන විකෘති ක්‍රමවේදයන් වෙනස් කරන්න නං තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වෙනවා.
හරියට වැඩ කරොත් අපිට කුරුණෑගලින් ආසන 12 ක් දිනා ගන්න එක අසීරු නැහැ. අපි හදපු සම්පත් විකුණලා දැම්මා. වරාය පිට රටට විකුණලා දැම්මා. ගුවන් තොටුපොළ විකුණ ගන්න වෙලාවක් ලැබුණෙ නැහැ. කොළඹ වරාය විකුණගන්න ගිවිසුම් ගහලා අත්සන් කරලා ඉවරයි.
මේ තත්ත්වය තමයි රට පුරාම තියෙන්නෙ. යම් යම් රටවල් වලට ඉඩකඩම් කෘෂිකාර්මික කටයුතුවලට කියලා දෙන්න සූදානම් කරලා තියෙනවා. මේවා මේ රටේ ජනතාවගේ ඉඩම්. ඔබේ දරුවාගේ අනාගතය ඉපදෙන්න ඉන්න දරුවාගේ දේපල තමයි මේ අය අන් සතු කරලා තියෙන්නේ. මේවා අපේ රටේ ජනතාවට අයිතියි. මේවා අපේ රටේ ජනතාවගේ දරුවන්ට ඉතුරු වෙන්න ඕනේ. යූ එන් පී ආණ්ඩුව මේ දේවල් පිටරැටියන්ට විකුණනවා. අපේ ආණ්ඩුව අපේ දරුවන් වෙනුවෙන් ඉතුරු කරනවා.
ඊයේ මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්ෂණය කළා. අධිවේගී මාර්ගයේ ප්‍රගතිය ඉතාම දුර්වලයි. ජූලි මාසේ වෙනකොට ජනතා අයිතියට පත් කරන්න තිබුණු අධිවේගී මාර්ගයක්. අඩුම තරමේ නොවැම්බර් මාසේවත් මේ අධිවේගී මාර්ගය ජනතා සතු කළ යුතුයි.
රටක සංවර්ධනය ඇති වෙන්නේ රටේ ප්‍රදේශ සමීප කළාමයි. සියයට හතළිස් පහකට විතර ජලය ලබා දුන්නා. විදුලිය 99්‍ර ක් ලබා දුන්නා. ඒ වගේම බීමට සුදුසු පිරිසිදු නල ජලය සියට සීයක් ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි සකස් කරනවා. වකුගඩු රෝගයෙන් මිදෙන්න පිරිසිදු ජලය අවශ්‍යයි. දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් වකුගඩු රෝගීන් වාර්තා වෙනවා. ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න නම් ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක පක්ෂයක විය යුතුයි. රටේ සංවර්ධනයට එය වැදගත් වෙනවා.
මෙම අවස්ථාවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින් සහ පළාත් පාලන නියෝජිතයින්ද සහභාගි වූහ.

SendShareShare
Previous Post

ලීසිං මාෆියාවක්ද?

Next Post

කරුණාට එරෙහිව ඕමල්පේ හිමි පොලිසි යයි (PHOTOS)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.