2020 ජූලි 15 වනදා – නවීන තාක්‍ෂණ ලොවේ ප්‍රමුඛයා Xiaomi, අද දින අප රට තුළ නවතම smartphones 3ක් හඳුන්වාදෙයි. ඒවා නම් Redmi Note 9 Pro, Redmi Note 9S, Mi Note 10 Lite. හඳුන්වාදෙන Redmi Note smartphone පෙළ තවදුරටත් නවීනතම මෝස්තර සහ නවෝත්පාදන ඉතාම සහනදායී මිලකට ඔබට පිරිනමයි. The Mi Note 10 liteහී අසමසම අංගයවන curved AMOLED display විවිධාකාරව භාවිත කළ හැකි 64MP quad කැමරා fm, ප්‍රබල ූQualcomm® Snapdragon™ 730G SoC සහ වැඩි වේලාවක් පණගැන්වී තිබෙන 5,260mAh බැටරිය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එලෙසම Xiaomi ආයතනය ශ්‍රී ලංකාව තුළ smartphones 3ක් එකවර හඳුන්වාදෙන ප්‍රථම අවස්ථාවද මෙයයි.
විද්‍යා සාගර්, සාමාන්‍ය අධිකාරී – Xiaomi, ශ්‍රී ලංකා පවසා සිටියේ, Xiaomiහී අපි විශ්වාස කරන්නේ උසස්ම තත්ත්වයේ නවෝත්පාදන සඳහා ප්‍රමුඛ ස්ථානයක් ලබාදීමත් තාක්‍ෂණික ලෝකයේ සීමා මායිම් බිඳගෙන ඉදිරියටම යෑමත්ය. අපි අද දවසේ හඳුන්වාදෙන smartphones තුනෙන්ම බලාපොරොත්තු වන්නේද එයමයි. අද්විතීය මුහුණත තිරය, විවිධාකාරව භාවිත කළ හැකි කැමරා 4ක අත්දැකීම සහ 30W fast charging සඳහා යොදාගත හැකි 5,260mAh ප්‍රබල බැටරියක් සතු Mi Note 10 Lite ෆෝන් එක උසස්ම තත්ත්වයේ අංග එකතුවක සහ සාධාරණ මිලක සංකලනයකි.











