ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරිවරුන්ගේ ආයතනය මගින් 55 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ වාර්ෂික වාර්තා පිළිබඳව සම්මාන උළෙලේදී රාජ්‍ය බැංකු අංශයේ රන් සම්මානය ලබා ගැනීමට ලංකා බැංකුවේ 2018 වසරේ වාර්ෂික වාර්තාව “The Icon of Trust” සමත් විය. මීට අමතරව දකුණු ආසියානු ගණකාධිකාරිවරුන්ගේ සම්මේලනය මගින් බංග්ලාදේශයේදී පවත්වන ලද “Best Presented Annual Report Awards 2018” උත්සවයේදී මෙම වාර්තාව දෙවැනි ස්ථානය ලබා ගනිමින් ඇගැයීමට පාත්‍ර විය. මින් පෙරද මෙම වාර්ෂික වාර්තාව “ARC Awards” සම්මාන උළෙලේදී මූල්‍ය දත්ත ඉදිරිපත් කිරීම සඳහා වූ ජාත්‍යන්තර අංශයේ රන් සම්මානයෙන්ද, සාම්ප්‍රදායික නොවන අංශයේ වාර්ෂික වාර්තාකරණය සඳහා වූ ලෝකඩ සම්මානයෙන්ද පිදුම් ලැබීය.











