• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

අම්මා හෙළිකළ දිනක්ෂිගෙ රහස්

December 30, 2019
in Heart
Reading Time: 2 mins read
A A
අම්මා හෙළිකළ දිනක්ෂිගෙ රහස්
Share on WhatsAppShare on Facebook

රුව ඇති දුවක යනු පවුලට වාසනාවකි. ගුණ ගරුක දුවක යනු පවුලට නිධානයකි. රුවත්, ගුණත් සියල්ල ලද දුවක යනු පවුලට සිරිදුවකි. දිනක්‍ෂි ද එවන් වූ වාසනාවන්ත සිරිදුවකි. සත්තකින්ම කියනවා නම් දිනක්‍ෂි, ප්‍රියසාද් පවුලට සතුට අස්වැසිල්ල ගෙන ආ අපූරු කෙල්ලකි. රංගනවේදිනියක නොව, තම ලොකු දුව හැටියට දිනක්‍ෂි ගැන කතා කරන්න ‘හාට්’ පිළිසඳරට පැමිණියේ ඇගේ දයාබර අම්මා ශිරාණි ප්‍රියසාද්ය.
ලොකු දුව හැටියට දිනක්ෂි පවුලට ඉතා ළැදි බවයි ආරංචිය?
ඇත්තටම ඔව්…, දිනක්ෂි කියන්නේ උණුවන හිතක් තියෙන වැඩිහිටියන්ට ගරු කරන පවුලට ගොඩාක් ළැදි දුවක්. ඒ වගේම අක්කා කෙනකු හැටියට නංගිලාටත්, ඇගේ නෑ හිතවතුනට වාගෙම අනෙකුත් වැඩිහිටියන්ටත් දිනක්ෂි දක්වන ඇල්ම හරිම පුදුමාකාරයි.
පුංචි කෙල්ලක කාලේ නම් දිනක්ෂි දඟයිලු නේද?
පුංචි කාලේ කවුද ඉතින් දඟ නැත්තේ. දිනක්ෂිත් ටිකක් දඟයි. හැබැයි ඒ කොච්චර සෙල්ලක්කාර වුණත් දිනක්ෂි පුංචි කෙල්ලක කාලේ ඉඳන්ම පුංචි පුංචි වගකීම් හිතට ගත්තා. ඒවා හරියටම ඉටු කළා. විශේෂයෙන්ම ශේෂාද්‍රි පුංචි කාලේ නර්සරි යන දවස්වල එයා පස්සෙන් හිටියේ මම නෙවෙයි. දිනක්ෂි තමයි එයාගේ නංගිව පන්තියට එක්කන් ගියේ. නංගියව පන්තියේ ඉන්දවලා බෑග්, බෝතල් එල්ලලා අක්ක ඉන්නව බය වෙන්න එපා හොඳේ’ කියලා නංගිගේ ඔළුව අතගාලා තමයි දිනක්ෂි එයාගේ පන්තියට ගියේ. පාසලේදී මොනවා හරි වැඩකදී වුණත් ටීචර්ස්ලා, ලීඩර් කරගත්තේ දිනක්ෂිව. පන්තියේ මොනවට හරි සල්ලි එකතු කරනකොට ඒ මුදල් භාරව හිටියේ දිනක්ෂි. අවශ්‍ය ගනුදෙනු ඉවර වුණාට පස්සෙ ඉතුරු සල්ලි බේරන්නෙත් දිනක්ෂි. පිළිවෙළ, වගකීම කියන එක ළඟ හරි අපූරුවට තිබුණා.
තවමත් ඒ වගකීම් සහිත පැවැත්ම දිනක්ෂි ළඟ තියෙනවද?
අපොයි ඔව්. ටෙලිනාට්‍ය රූ ගතකිරීම්වලදී ඈ කවදාවත් කාවවත් පීඩාවට පත්කළේ නැහැ. වේලාවට සෙට් එකට යනවා. දිනයක්, වෙලාවක් වෙනස් කරන්නේ නැහැ. කිසිම කෙනෙක් එක්ක ගැටලුවක් ඇතිකර ගත්තෙත් නැහැ.
දිනක්ෂිගේ ජනප්‍රියත්වයේ රහස එයද?
සමහර විට වෙන්න ඇති. ඒ වගේම දිනක්ෂි කා එක්කත් හරිම සුහදයි. දිනක්ෂි එක්ක වැඩ කරන්න හරි පහසු බවයි හැමෝම වාගේ කියන්නේ. මගේ දුව ගැන කවුරුත් එහෙම කියනවා ඇහෙන කොට අම්මා හැටියට මගේ සිතට දැනෙන සතුට අප්‍රමාණයි.
කාගෙවත් හිත රිදවන්නවත් දිනක්ෂි හරිම අකැමැතියිලු නේද?
ඔව්, දින ගණන් වෙන්කර ගන්න බැරි සමහර ටෙලි ඩ්‍රාමාවල තිරපිටපත අතට ආවම දුව මගේ පස්සෙම දැවටි දැවටි අහනවා. අනේ අම්මා කොහොමද මේක අතාරින්නේ. බැහැ කිව්වොත් එයාලගේ හිත රිදෙයි නේද කියකියාම තැවෙනවා. ඒ වාගේම කොහොම කොහොම හරි එයට අවශ්‍ය ඉඩ හදා ගන්නවා.
තිර පිටපතක් ලැබුණාම දිනක්‍ෂි තවමත් මවුපියන්ගේ කැමැත්ත විමසනවා කියන්නෙ ඇත්තද?
ඔව්. දුව තවමත් අපෙන් අහනවා. මේක භාර ගත්තට කමක් නැහැ නේද අම්මා කියලා. ඒ වගේම තමා මොකක් හෝ විශේෂ යමකට අත ලිහන්නට කලින් වුණත් දිනක්ෂි අපේ අවසරය තවමත් විමසනවා.
ටෙලි නිර්මාණ භාර ගන්න විට ඔබ දිනක්ෂිට වාරණ පනවන තැන් තියෙනවද?
වාරණ කියන වචනය ඒ තැනට සුදුසු නැහැ. තරුණ දුවකගේ අම්මා කෙනකු වශයෙන් මම යම් චරිත ගැන ඈ හා කතාබහ කරනවා. එතැන තිබෙන්නේ සුහද බව හෝ බැඳීම මිස නීති රීති නෙවෙයි.
දිනක්ෂි ෆීල්ඞ් එකට ආව මුල් දවස්වල එවැන්නක් සිදුවුණාලු නේද?
ඒ කාලේ දිනක්ෂි පොඩි කෙල්ලක්නේ. ඒ හින්දා එහෙම යම් දේ අපට තෝරා දෙන්න සිදුවුණා.
අද දිනක්ෂි සිටින තැන ගැන ඔබ බොහෝ තෘප්තිමත්?
ඒ ගැන කියන්න ඇත්තෙන්ම වචන නැහැ. මගේ ලොකු දුව ගැන සත්තකින් මම හරිම තෘප්තිමත්. මඟතොටේ යනකොට සාප්පුවකට ගොඩවන විට දිනක්ෂිට ලැබෙන ආදරණීය ප්‍රතිචාර මට හරිම අහිංසක අභිමානයක්.
එය දිනක්ෂිට කරදරයක් වූ අවස්ථා තිබෙනවද?
ප්‍රේක්‍ෂක ප්‍රතිචාර දිනක්ෂි කරදරයක් විදියට හිතන්නේ නැහැ. ඈ ඔවුන් හා හරිම සුහදව තමා හැසිරෙන්නේ. අත්සනක් ගහන්න සෙල්ෆියක් ගන්න දිනක්ෂි ඉදිරිපත් වෙන්නේ ඉතාම නිහතමානීවයි.
දිනක්ෂි වැඩියෙන්ම බය අම්මටද, තාත්තටද?
මට තමයි බය. තාත්තා එක්ක හරි හුරතලේ. දූලා ඉතින් කොහොමත් තාත්තලා එක්ක යාළුයිනේ. මම තමයි එයාලට සැරට ඉන්නේ.
පුංචි කාලේ වාගේම දිනක්ෂි නංගිලා එක්ක තවමත් සමීපයිද?
අපොයි ඔව්. විවේකයක් ලැබුණු හැටියෙම තුන්දෙනාගෙම වැඬේ කාමරේට වෙලා කුටු කුටු ගගා කැකිරි පළන එකයි.
දිනක්ෂි ගැන ඔබේ මීළඟ බලාපොරොත්තුව මොකද්ද?
දිනක්ෂි මේ දවස්වල ඩිග්රි එක කම්ප්ලීට් කරනවා. ඒක අවසන් වුණාට පස්සේ ඉතින් ඇගේ විවාහය ගැන තමා මගේ එකම බලාපොරොත්තුව.
සහකාරයාව තෝරාගෙන අවසන්ද?
තවම නැහැ. අප ඇයට ඒ සඳහා ඉඩදී බලා සිටිනවා. විවාහය වැනි බැඳීමක් සඳහා දිනක්ෂි වැරැදි පියවරක් නොගන්න බව විශ්වාසයි.
‘ලද ජීවිතය’ දිනක්ෂිගේ වාසනාවද නැත්නම් දේව අනුහසද?
වාසනාවත් ඒ තුළ තිබෙනවා. ඒ වගේම මේ සියල්ල ඇයට දෙවියන් වහන්සේගෙන් ලැබුණු කලෙන්තු කියලයි මම සුවිශේෂීව හිතන්නෙ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රාජිත මාරුකිරීම අත්හිටුවයි:‍‍‍ ලංකා ‌රෝහලේම තියයි

Next Post

ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව රන් සම්මානයෙන් පිදුම් ලබයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.