රීබෝන් ලංකා ආයතනය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, දේශීය නිෂ්පාදකයන් දිරිගැන්වීමේ වැඩපිළිවෙළ යටතේ නව නිපැයුම් පෙළක් හඳුන්වා දීමට අත්වැල් බැඳගෙන ඇත. STC වෙළෙඳ සන්නාමය යටතේ එළිදක්වන මෙම නිෂ්පාදන රීබෝන් ලංකා ආයතනය මගින් නිෂ්පාදනය කරනු ලබන අතර, එම නිෂ්පාදන ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මඟින් එකම අලෙවි නියෝජිතයා ලෙස සියලුම සිල්ලර සහ රාජ්‍ය වෙළෙඳ ආයතන සඳහා බෙදාහරිනු ලැබේ.
මෙම නිෂ්පාදන පෙළ 11.01.2021 වැනි දින වෙළෙඳ අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී එළිදක්වන ලදී. මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණී ජයවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා රාජ්‍ය (විවිධ) නීතිගත සංස්ථාවේ ගරු සභාපති යෝගා පෙරේරා මැතිතුමා සහ එහි නිලධාරි මණ්ඩලය, ලංකා සතොස සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මේජර් අනුර පණ්ඩිතගේ මැතිතුමා, රීබෝන් ලංකා ආයතනයේ සභාපති කණිෂ්ක ගමනායක මහතා, ප්‍රසන්න හෙන්නායක මහතා, කණිෂ්ක බණ්ඩාරතිලක මහතා ඇතුළු නිලධාරීන් සහභාගි වූහ.
මෙම STC නිෂ්පාදන පෙළ පාරිභෝගිකයන්ට තරගකාරී මිලකට ලබාදෙන අතර, මෙහි Hair Oil, Hand Wash, Dish Wash, Toilet Cleaner, Landary Liquid, Air Freshener, Car Wash, Disinfectant, Glass Cleaner, Bleach ආදී නිෂ්පාදනයන් අඩංගු වෙයි.











