කඳානේ ස්වදේශී කර්මාන්තායතනයේ අනර්ඝතම නිෂ්පාදනයක් වන රාණි සඳුන් සබන්, වසර ගණනක් සිය සන්නාමය පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙනුවෙන් ආකර්ෂණීය ත්‍යාග පිරි නැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව, රාණි සඳුන් පාරිභෝගිකයින් හට දැන් ඉතා වටිනා කැරට් 22 රන්මාල ඇතුළුව තවත් වටිනා තෑගි හිමි කර ගැනීමට අවස්ථාව සැලසී ඇත.
සමාගමේ නවතම ප්‍රවර්ධන වැඩසටහන වන ‘රාණි සඳුන් වාසනා වරම’ යටතේ පාරිභෝගිකයින් හට රුපියල් ලක්ෂයක වටිනාකමින් යුතු රන් මාල 6ක්, රෙදි සෝදන යන්ත්‍ර 6ක්, මයික්‍රොවේව් උදුන් 6ක්, මීඩියා පෑඞ් 6ක්, ගෑස් උදුන් 6ක් හා රයිස් කුකර් 6ක් දිනා ගැනීමට අවස්ථාව උදා වේ. එමෙන්ම, රාණි සඳුන් වෙතින් සති හයක් පුරා පිරි නැමෙන, තෑගි පාර්සල් 84ක් දිනා ගැනීමටද හැකි වන බව සමාගම සතුටින් දැනුම් දෙයි.
මෙම ප්‍රවර්ධන වැඩසටහන 2020 නොවැම්බර් 01 සිට දෙසැම්බර් 15 දක්වා ක්‍රියාත්මක වන අතර, සතිපතා දිනුම් ඇදීම් මගින් ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ. “රාණි සඳුන් වාසනා වරම” පිළිබඳ වැඩිදුර විස්තර සහ යාවත්කාලීන කිරීම් පිළිබඳව දැන ගැනීම සඳහා රාණි සඳුන් ෆෙස්බුක් පිටුවට පිවිසිය හැකිය.
මේ සඳහා ඇතුළත් වීමට, කැමති රාණි සඳුන් පාරිභෝගිකයින් හට, තමන් මිලදී ගන්නා ඕනෑම රාණි සඳුන් හිස් අසුරන දෙකක්, සිය නම ලිපිනය සහ දුරකතන අංකය සඳහන් කර, “රාණි සඳුන් වාසනා වරම” තැ.පෙ. අංක 4, කඳාන යන ලිපිනයට එවීමෙන්, මේ සඳහා සුදුසුකම් ලැබීමට හැකි වේ.