HNB FINANCE සමාගමේ යාළු ළමා ඉතුරුම් ගිණුමේ මූලිකත්වයෙන් සෑම වසරකදීම ඔක්තෝම්බර් 1 වන දින දරුදැරියන්ගේ මානසික සංවර්ධනය සහ දුෂ්කර පාසැල්හි දරු දැරියන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට ප්‍රමුඛතාව ලබා දෙමින් ලෝක ළමා දින සැමරුම් උත්සව පවත්වනු ලැබූවද මෙවර උද්ගතව ඇති කෝවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂාවට මුල් තැනක් ලබා දෙමින් ඉතා චාම් අන්දමින් ලෝක ළමා දිනය සැමරීමට පියවර ගන්නා ලදී.
ඒ අනුව HNB FINANCE වව්නියාව සහ හෝමාගම ශාඛාවන්ගේ මූලිකත්වයෙන් ලෝක ළමා දින සැමරුම් උත්සව දෙකක් වවුනියාව මහරම්බයිකුලම් සහ මීගොඩ දාම්පේ ප්‍රදේශයන්හි පිහිටි පෙර පාසල් දෙකක් කේන්ද්‍ර කරගනිමින් එම පෙර පාසැල්හි දරුදැරියන්, දෙමාපියන්, ගුරුභවතුන්ගේ සහභාගීත්වය ඇතිව පවත්වන ලදී. ‘දූ දරුවන්ගේ මානසිකත්වය හඳුනාගනිමින් ඔවුන්ගේ කුසලතා දියුණු කිරීම පිළිබඳව මෙහිදී දෙමාපියන් දැනුවත් කිරීමත්, කැමති තේමාවක් යටතේ චිත්‍ර ඇඳීමේ අවස්ථාවක් දරුවන්ට ලබාදීමත් මෙම ළමාදින සැමරුම් උත්සවයන්හි මුඛ්‍ය තේමාවන් අතර විය.
මීගොඩ දාම්පේ කාන්ති පෙර පාසල් ශාලාවේදී පැවැත්වූ ලෝක ළමා දින සැමරුම් උත්සව අවස්ථාවට HNB FINANCE සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සහ හෝමාගම ශාඛාවේ නිලධාරීහු සහභාගී වූ අතර, කාන්ති පෙර පාසලේ ප්‍රධාන ආචාර්යවරිය වන කාන්ති රම්‍යලතා මහත්මියගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. මෙම අවස්ථාවට පෙර පාසලේ ඉගෙනුම ලබන දරුදැරියන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් සමාජ දුරස්ථභාවය සහ පුද්ගල සෞඛ්‍යයට අදාළ නියමයන් ආරක්ෂා කරමින් සහභාගි වූහ.