ඇමෙරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කම් සහිත ඉන්දියාවේ මහින්ද්‍රා ඇන්ඞ් මහින්ද්‍රා ආයතනයේ ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත අයිඩියල් මෝටර්ස් සමාගම වෙතින් මෙරට ප්‍රමුඛ පෙළේ බහාලුම් ප්‍රවාහන සමාගමක් වන මොනාමි ෆ්‍රෙයිටර්ස් පෞද්ගලික සමාගම අති නවීන තාක්ෂණයෙන් යුත් මහින්ද්‍රා බ්ලාසෝ ප්‍රයිම් මුවර් රථ පෙළක් මිලදී ගනු ලැබීය.
2019 වසරේදී Bs4 තාක්ෂණයෙන් යුත් මහින්ද්‍රා බ්ලාසෝ ප්‍රයිම් මුවර් රථ පෙළ අයිඩියල් මෝටර්ස් විසින් මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය. මෙම රථවල සේවා වාර කිලෝමීටර් 90,000කට වරක් හෝ වසරකට එක් වරක් පමණක් සිදුකළ යුතු ආකාරයට නිෂ්පාදනය කර ඇත. මහින්ද්‍රා බ්ලාසෝ ප්‍රයිම් මුවර් රථ 7200CCක සහ අශ්වබල 274ක අධි ධාරිතාවකින් යුත් ජවසම්පන්න එන්ජිමකින් සමන්විතය.











