ඉතා කලාතුරකින් දැකීමට හැකි මෙම රේඛාව ස්ථානෝචිත රේඛාව හා මනෝ දර්ශන රේඛාව වශයෙන්ද හඳුන්වනු ලබයි. මනෝදර්ශන රේඛාව අල්ලේ පිහිටා ඇත්නම් පුදුම සහගත ඉවක් ඇති අයකු වෙයි. හිප්නොටිසම් මැස්මරිසම් මනෝවිiාව වැනි ක්‍රම හා දර්ශන විiාව උගත් අයගේ අත්ලේ මෙම රේඛාව පිහිටා තිබේ. සාමාන්‍ය ජීවිත ගතකරන පුද්ගලයන්ගේ මෙම රේඛාව පිහිටා නැත. හැම දෙයක් ගැනම විමසිල්ලෙන් බලන සොයන අයටත් මෙම රේඛාව පිහිටා තිබේ.
පුදුම දේ කිවහැකි ඉවක් ඇති මිනිස්සු වෙති. තමන් ඇසුරු කරන පුද්ගලයන්ගේ චරිත ලක්‍ෂණ ගතිගුණ, සිතුම්-පැතුම් ආදිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔවුන්ට ඇත. නොදියුණු මිනිස්සු තමාට නිරුත්සාහයෙන්ම වශීවන ගතියක් ඇති වෙයි. මනෝදර්ශන රේඛාව මඟින් ඇති කරවන බලවේගය අනුව සිත තුළ හටගන්නා අදහස් ඉතා ගැඹුරු දර්ශනයක ස්වරූපය හටගනී. මේ අදහස් එන්නේ කෙසේද කියා සමහරවිට තමාවත් නොදනියි.
තමාට පාලනය කරගත හැකි, වැඩ ගැනීමට හැකි අචල චිත්ත සන්තානයක් මෙම රේඛාව මඟින් ඇති කරයි. පරහිත් දර්ශන රේඛාව පිහිටා ඇති අය භූතාත්ම සමඟ දැඩි සම්බන්ධකමක් පවත්වා ගනියි.
දේව වරම් ලත් බව සත්‍ය ලෙස ප්‍රකාශ කරන අයගේ අත්වල මෙම රේඛාව පිහිටා ඇත. මනසෙහි අත්භූත සිතුවම්, දර්ශන මැවේ. මෙම රේඛාවේ බලපෑම් ප්‍රමාණය ඉක්මවා යෑමට පටන් ගත් අය අසාධ්‍ය මානසික ආබාධවලට හැරී අභාග්‍ය සම්පන්න ජීවිත ගතකරති.
පරහිත් දර්ශන රේඛාව ඇති අය සිතන්නේ, පතන්නේ, ක්‍රියා කරන්නේ අන්‍යයන්ට වඩා වෙනස් ආකාරයකටයි. ඔවුහු එවැනි ගුප්ත ජීවිත ගතකරන්නේ කුමක් නිසාද කියා නොදනිති.
මෙම රේඛාව කැඩී බිඳී ඇත්නම් අපස්මාරය වැනි රෝග ඇති කරයි. එසේ නැති නම් පරල වී ශාස්ත්‍ර කීම වැනි තත්ත්වයකට පත්වෙයි. දූපත් ලක්‍ෂණ ඇත්නම් සිහිනෙන් කතා කිරීම, නින්දෙන් ඇවිදීම ආදිය ඇති කරයි. හරස් අතට රේඛා වැටී ඇත්නම් ළඟින් ඇසුරු කරන ඥාතීන් තමන්ට විරුද්ධ බවයි.

චන්ද්‍ර මණ්ඩලයේ උතුරු කොටසින් පටන් ගෙන කුජ මණ්ඩලයෙන් පටන් ගෙන අවසන් වන පරහිත් දර්ශන රේඛාවක් අත්ලේ පිහිටා තිබේ නම් එවැනි අයට කලින් පෙනෙන, දැනෙන, හැඟෙන ඥානයක් ඇති වෙයි. එවැනි අය ගුප්ත ශාස්ත්‍ර ආදියටත් දක්‍ෂ වෙති. මේ දර්ශන වම් අල්ලේ පමණක් ප්‍රදර්ශනය වේ නම් උත්පත්තියෙන් පිහිටා ඇති එවැනි ප්‍රවීණතාවක් දියුණු කර නොගෙන එයින්ම මෝඩ අයකු නැතිනම් පිස්සකු හෝ වීමටත් පෙන්නුම් කරයි.
මනාව පිහිටා ඇති පරහිත් දර්ශන රේඛාවක් සමඟම හෘදය රේඛාවක්, ශීර්ෂ රේඛාවක් අතර කතිර ලක්‍ෂණයක් වැටී තිබේ නම් හිප්නොටිසම් මැස්මරිසම් වැනි ප්‍රේෂණ ක්‍රම ප්‍රගුණ කළ හැකිය. දියුණු කරගත හැකි මනෝ ශක්තියක් ඇති පුද්ගලයෙක් වෙයි.
පරහිත් දර්ශන රේඛාව කුඩාවටත්, රේඛා සමඟ පිහිටා තිබේ නම් එවැනි අය ස්නායු දුර්වලතාවයෙන් හා සුළු දේවල්වලට පවා අධික ලෙස කැලඹෙන අය වෙති.
පරහිත් දර්ශන රේඛාව කුමක්ද කියා නොවටහාගත් අවස්ථාවල කියන පලාපල වැරදී යයි. එම නිසා මෙම රේඛා දෙක පරෙස්සමින් තෝරා ගෙන ඒ අනුව පලාපල කිව යුතුයි. පරහිත් දර්ශන රේඛාවේ විශේෂ ලක්‍ෂණයක් ඇත. එය කිසිම අවස්ථාවක ඍජු රේඛාවක් ලෙස නොවැටහේ. එය අර්ධ කවයක් මෙන්ද එසේ නැතිනම් දුන්නක් මෙන්ද නැමී තිබිය යුතුයි. ඒ අතර මෙය ගැඹුරු හා පැතලි රේඛාවක් නොවේ. පරහිත් රේඛාව සියුම් රේඛාවක් සේ වැටේ.
ගුප්ත ශාස්ත්‍ර තුළින් සමාජයේ ඉහළ තත්ත්වයට පත්වීමට නම් සොලමන්ගේ මුද්ද, ගුප්ත කතිරය, පරහිත් දර්ශන රේඛාව අත්ලේ පිහිටා තිබීම විශේෂ ලකුණු නිසාවෙයි.
තෙරුවන් සරණයි, ඔබට ජයක්ම වේවා.
හස්ත රේඛා, විද්‍යාඥ තිලක් රත්නායක











