පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය විසින් හපුතලේ, තම්බපීල්ල මාවත, අයිස් පීල්ල ප්‍රදේශයට පසුගියදා කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් වයි-12 ගුවන් යානයේ සිටියදී මියගිය යානයේ ප්‍රධාන ගුවන් නියමු බළගණ නායක ඩබ්ලිව්.ඒ.එම්.බී.එන්.බී. වීබැද්ද සහ සහායක ගුවන් නියමු බළපන්ති ලුතිනන් කේ.එම්.ඩී.එල්. කුලතුංග යන නිලධාරීන්ගේ පුද්ගල හදිසි අනතුරු රක්ෂණයට අදාළ ප්‍රතිලාභ පසුගියදා ප්‍රදානය කෙරිණි. පීපල්ස් ඉන්ෂුවරන්ස් ආයතනය විසින් මෙම ප්‍රතිලාභ ප්‍රදානය සිදුකෙරුණු ලැබුවේ ගුවන් හමුදා එයාර් වයිස් මාෂල් රවී ජයසිංහ මහතා වෙතයි.
පුද්ගල හදිසි අනතුරු මෙන්ම මෝටර් රථ, දේපොළ, සංචාරක සහ මුහුදු රක්ෂණ ඇතුළුව පුද්ගලයන්ට සහ සමාගම්වලට පීපල්ස් ඉන්ෂුවරන්ස් පී.එල්.සී. පුළුල් පරාසයක සාමාන්‍ය රක්ෂණ සේවාවන් ලබාදෙයි. අද වන විට සමාගමට විශාල ගනුදෙනුකාර පදනමක් ඇති අතර එම වාර්ෂික ආදායම රු.බිලියන 5.5 ඉක්මවයි.











