• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොක්ස් නොමැති බොක්ස් ඔෆීස්

January 24, 2020
in Heart
Reading Time: 1 min read
A A
බොක්ස් නොමැති බොක්ස් ඔෆීස්
Share on WhatsAppShare on Facebook

1947 ජනවාරි 21 වැනි දින ප්‍රථම කතා නාද සිංහල සිනමාපටය වන ‘කඩවුණු පොරොන්දුව’ රිදී තිරය මත දිගහැරීමත් සමඟ මෙරට සිංහල චිත්‍රපට පෙන්වීම ආරම්භ කළ බව සඳහන් වුණිද, එයට පෙර එනම් 1925 වර්ෂයේ ‘රාජකීය වික්‍රමය’ හෙවත් ‘ශාන්තා’ නමින් සිනමා පටයක් නිපදවා ඇතත්, එය ඉන්දියාවේ ඇති වූ ගින්නට හසුවී දැවී ගිය බව සඳහන් වෙයි.
ඉන්පසුව 1933-05-19 දින කොළඹ ෆයිඞ් සිනමාහලේ ‘පළිගැනීම’ නමින් තවත් සිනමාපටයක් මහජන ප්‍රදර්ශනය සඳහා තිබූ බවත් සඳහන් වෙයි. එය කෙසේ වෙතත් දකුණු ඉන්දීය ආභාසයෙන් පටන්ගත් සිංහල චිත්‍රපට කර්මාන්තයේ ආරම්භක චිත්‍රපටය ලෙස කැටයම් වී ඇත්තේ ‘කඩවුණු පොරොන්දුවයි.

එය ආරම්භ කර වසර 25කට පසුව රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවන ලදී. ඒ 1972 ජනවාරි 21 වැනි දිනදීය. සංස්ථාව පිහිටුවීමට පෙර සිනමාශාලා වෙත චිත්‍රපට බෙදා හැර ඇත්තේ සමාගම් කිහිපයකිනි. ඒවා නම් කොළඹ චිත්‍රපට සමාගම, සීමාසහිත සිලෝන් තියටර්ස්, සම්මුග චිත්‍රපට සමාගම, සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට් සහ සිනමාස් සමාගම වැනි ආයතන මඟින්ය.
1946 සිට 1972 වර්ෂය දක්වා ඉහත සඳහන් සමාගම් මඟින් සිනමාශාලා වෙත ප්‍රදර්ශනය සඳහා සිංහල චිත්‍රපට 235ක් පමණ බෙදා දී ඇත. මෙම කාලවකවානුව තුළ ද්‍රවිඩ මෙන්ම සිංහල අධ්‍යක්‍ෂවරුන්, නිෂ්පාදකයන් රැසකගේ දායකත්වය මත සිංහල සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන ගිය බව කිව හැකිය. ඒ වගේම සිංහල සිනමාවේ මහා බලපරාක්‍රම අධ්‍යක්‍ෂවරුන්ගේ රාජධානියක් ලෙස එකල පැවැති බවට සාධක ඇත.

විවිධාංගී-කරණය වූ චරිත රංගන එදා සිනමා සිත්තම හරහා බොහෝමයක් අප දුටුවෙමු. මෙහිදී ජනප්‍රිය ධාරාවේ මුලපිරුම ලෙස හැඳින්විය හැක්කේ 1953 ජුනි 26 වැනි දින තිරයට පැමිණි ‘සුජාතා’ චිත්‍රපටය බවයි මාගේ විශ්වාසය. එය තිරයට පැමිණියාට පසුව සිනමා ප්‍රේක්‍ෂක සිත් අපූර්ව රසවින්දනයකට ගෙන ගියා මෙන්ම බොක්ස් ඔෆීස් කතාවක් ඔවුන් අතරට කාන්දු වන්නට ඇතැයි සිතමි. එම බොක්ස් ඔෆීස් වාර්තා යන ක්‍රමය සිනමා ශාලාවල 1972 වර්ෂයේ චිත්‍රපට සංස්ථාව ආරම්භ කරන තුරාම අඛණ්ඩව පැවැතී ආ බව කිව හැකිය.

72 වර්ෂයෙන් පසුවද ‘බොක්ස් ඔෆීස්’ වාර්තා පිහිටුවූවාය. එම වාර්තා බිඳහෙළුවාය.’ යන්න සිනමා සඟරා මෙන්ම පුවත්පත්වලද එකල සඳහන්ව තිබිණි. මා කුඩා කල වැඩිහිටියන් සමඟ චිත්‍රපට නැරැඹීමට ගිය විට සිනමාශාලා තුළ ලීයෙන් නිමා කරන ලද පෙට්ටියක් තිබූ බව මතකයේ ඇත. එය කුමක් දැයි ඇසූ විට දැනගන්නට ලැබුණේ එම පෙට්ටියෙන් කෙරෙන කාර්ය පිළිබඳව දීර්ඝ විස්තරයකි. මාගේ මතකයේ හැටියට එම කාලවකවානුව වන්නේ 1971, 1972, 1973, 1974 යන වර්ෂයන් විය හැකිය.

මට එම කාලයේ එක්තරා උණක් තිබුණා. ඒකයි චිත්‍රපට නැරැඹීමට වගේම සිනමා සඟරා, පුවත්පත් කියැවීමට උනන්දුවක් දැක්වූයේ. එම කාලයේ තිබුණා සිංහල සිනමා ප්‍රදීපය, චිත්‍රපට විමසුම, කලා, නව සිනමාව, සුරතුර, සිනෙසින්, රිදීතිරය, සකුරා නමින් පාඨකයන් අතර ඉතාමත් ජනප්‍රිය සඟරා සහ පුවත්පත් කිහිපයක්. එවැනි සඟරාවලින් හා පුවත්පත් කියැවීමෙන් මම සිනමාව පිළිබඳව යම් දැනුමක් ලබා ගත්තෙමි.

වර්තමානයේ එවැනි සඟරා එළිදැක්වෙන්නේ නැත. සිනමා රසික රසිකාවන්ට බොක්ස් ඔෆීස් වාර්තාවන් දැනගන්නට හැකි වන්නේ විවිධ නාළිකාවන් ඔස්සේය. එහෙත් ලංකාවේ කිසිම සිනමා ශාලාවක එවැනි බොක්ස් එකක් පෙනෙන්නටවත් නැතිව බොක්ස් ඔෆීස් වාර්තා බිඳහෙළන්නේ කෙසේද?

‘හතර දෙනාම සූරයෝ, අබිරහස, කේසර සිංහයෝ, එදත් සූරයා අදත් සූරයා, මේ දෑස කුමටද, සුහද පැතුම, තුෂාරා වාණිජ අතින් අතිසාර්ථක වූ චිත්‍රපට ගොන්න බොක්ස් ඔෆීස් නමින් වැජඹුණු බව අප කවුරුත් දන්නා කරුණකි. ඒ වගේම 70 දශකයේ චිත්‍රපට එකම සිනමා ශාලාවේ දින සියය ඉක්මවා තිරගතවීම වගේම චිත්‍රපට දෙකක් අතර විශාල තරගයන්ද තිබූ බව අමතක කළ නොහැකි කරුණකි.

මා මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ අතීතයේ ප්‍රචාරය වූත්, වර්තමානයේ ප්‍රචාරය වන්නාවූත් බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙළුවාය යන කතාව 70 දශකය ආවර්ජනය කිරීමක්ද? නැතිනම් එම දශකයේ දෝංකාරයක්ද? යන්න දැනගැනීමටය.
ගාමිණී වර්ණපුර

SendShareShare
Previous Post

රන්ජන්ගේ කුඩු කතාවට ‘හිරු’ ‌ලොක්කා නඩු දාන්න හදයි

Next Post

මියගිය ගුවන් නියමුවන්ට පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ ප්‍රතිලාභ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.