මෙහෙයුම් කටයුතු අරඹා වසර තුනකට පසු කොමර්ෂල් බැංකුවට අනුබද්ධව ක්‍රියාත්මක වන මාලදිවයින කොමර්ෂල් බැංකුව (CBM) 2019 මාලදිවයිනේ ව්‍යාපාරික සම්මාන ප්‍රදානෝත්සවයේදී බැංකුකරණ සහ මූල්‍ය අංශය යටතේ ‘මූල්‍යකරණයේ විශිෂ්ටත්වය’ සඳහා සම්මානය දිනාගැනීමට සමත්වී තිබේ.
මෙම සම්මානය ලබාදී තිබෙන්නේ බැංකුව විසින් මාලදිවයින තුළ දක්වා තිබෙන ව්‍යාපාරික විශිෂ්ටත්වය සහ එරට වෙළෙඳපොළට විප්ලවීය සහ නව්‍ය වූ මූල්‍ය සේවා හඳුන්වාදීම මෙන්ම බැංකු කර්මාන්තයේ යහ ක්‍රමවේදයන් පවත්වා ගනිමින් දේශීය ව්‍යාපාරිකයන්ට සහ පුද්ගලයන්ට ප්‍රතිලාභ අත්කරදීම ඇගයීමට ලක් කරමිනි. මෙම සම්මාන වැඩසටහන මාලදිවයිනේ මහජන සබඳතා, අලෙවිකරණ සහ ව්‍යාපාරික සංවර්ධන ආයතනයක් වන Blazon Inc විසින් සංවිධානය කර තබිණි.











