• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබට ඕනෑ දුවෙක්ද පුතෙක්ද…

February 9, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ඔබට ඕනෑ දුවෙක්ද පුතෙක්ද…
Share on WhatsAppShare on Facebook

තරුණියක පතිනියක් වූ පසු ඇගේ සිහිනය මවක වීමය. පතිනියක වීමට පෙර මවක වන කතුන්ද සිටියි. ඔවුනට දරුගැබ, දරුඵල පීඩාවකි. විවාහයෙන් වසර ගණනාවකට පසු දරු සම්පත් හිමිවන කතුන් ද සිටියි. දරුඵල අහිමිය යන ළතැවිල්ල මත දරුවකු රැගෙන හදාගන්නා මව්වරුද සිටිති. ඔවුනට දරුඵල සැනසීමකි. කවර ආකාරයකින් බැලුවද දරුවා වෙනුවෙන් වැලපෙන්නේ මව්වරුය. කෙසේ වුවද ලෝකයේ මව්වරු බොහෝ පිරිසක් පීඩාවට පත් වී ඇත්තේ දරුඵල අහිමිවීම නිසාය. කාන්තාවකට දරු සැප අහිමිවන්නේ ඇයි? නවීන විද්‍යාවෙන් දරුවන් අහිමි වූවන්ට කෙරෙන විමර්ශන – විසඳුම් බොහෝය. සියල්ල සාර්ථක යැයි සිතිය නොහැකිය.

නවීන විද්‍යාවට හසු නොවන බොහෝ දේ පැරැණි ශිල්ප ක්‍රමවේදයනට හසුවෙයි. ජ්‍යොතිෂය ඒ අතරින් ප්‍රධානය. පෙර ඉසිවරු ස්ත්‍රී පුරුෂ දෙදෙනකු හෝ එක්වීම විමසුම් සහගතව දුටුවෝය. දෙදෙනකුගේ ගැළපීම යහපත් හෝ අයහපත් බව තිර ලෙසම ප්‍රකාශ කළහ. විවාහයේ දරුඵල හිමි අහිමි බව නිසැකවම සඳහන් කිරීමට ඔවුහු සමත් වූහ. ජ්‍යොතිෂයේදී දෙදෙනකුගේ කේන්දර සටහන් යුගල අනුව පොරොන්දම් ගැළපීමෙන් එහි සුබ අසුබතාව හඳුනාගත හැකිය. විවාහයක් සඳහා පොරොන්දම් ගැළපීමෙන් ජ්‍යොතිෂවේදීන් දෙනු ලබන තීන්දු තීරණ සෘජු විය යුතුය. “දෙදෙනාගේ කැමැත්ත අනුව සිදුවන විවාහය හෝ සුදුසු නම් කළ යුතු විවාහයක්” යනුවෙන් දෙනු ලබන අවිනිශ්චිත විසඳුම්වලින් ජ්‍යොතිෂවේදියා වැළකිය යුතුය. ජ්‍යොතිෂවේදීන්ගේ අතර මැද විසඳුම්වලින් අසාර්ථක වන විවාහයන් පිළිබිඹු කරන්නේ ජ්‍යොතිෂය පිළිබඳ ජනතාවගේ ඈත්වීමයි. එම විශ්වාසයෙන් තොරවීම ජ්‍යොතිෂවේදියාගේ ආත්ම පාරිශුද්ධියටද විශාල බලපෑමක් ගෙන දෙයි.

ප්‍රේමයෙන් සිදුවන අතීත ඥාති විවාහයන් පිළිබඳ ජ්‍යොතිෂ නිගමනයන් බොහෝය. සහෝදරයකුගේ සහ සහෝදරියකගේ දරුවන් දෙදෙනකු අතර විවාහය සිදුවිය හැකිය. ලේ නෑ ජානමය සබඳතා අංගවිකල දරුවන් බිහිවීමට සහ දරුඵල අහිමිවීමට බලපායි.

පොරොන්දම් ගැළපීම පමණක් සාර්ථක විවාහයක දරුඵල අහිමිවීමට සුදුසු නොවේ. කේන්දර සටහන්හි ග්‍රහ පිහිටීම්ද නිවැරැදිව දැකිය යුතුය. පුරාණයේ විවාහය පිළිබඳ සියලු කටයුතු සිදුවූයේ සුබ නැකැත් හා සිරිත් විරිත්වලට මුල් තැන දීමෙනි.

එදා මනාලියගේ නිවෙසේ සාදන ලද පෝරුවක විවාහ චාරිත්‍ර පැවැත්වීම නියමය විය. පෝරුව-පුන්කළස වෙනත් මනාල යුවළක් සඳහා සැකැසුවක් නොවීය. තමන් වෙනුවෙන්ම සකසන ලද පෝරුමස්තකව පෙනෙන නොපෙනෙන බලවේගයන්ගේ පිහිට ආශීර්වාදය ලබා ගැනීම දොස් දුරුවීමකි.

අතීතයේ නව යුවළක මංගල රාත්‍රිය ගත කර ඇත්තේ තම තමන්ගේ නිවෙසේ විශේෂිත කාමරයකය. යහපත් වූ වෙලාවකය. පසුව දරු උපත් සඳහා තිඹිරිගෙය වන්නේද එම කුටියයි. කලලයකට වැදගත් වන ස්ත්‍රි පුරුෂ දෙදෙනාගේ ලේ ධාතුවේ සම්මිශ්‍රණය යහපත්වී යහපත් උපතකට හේතුවකි. වර්තමානයේ මධු සමය මත් වතුර, දුම්වැටිය විකෘති කරවන ලේ ධාතුවෙන් සිදුවන ප්‍රතිනිර්මාණය ලෝකයටත්, නව යුවළටත් විපතක් වීමට බොහෝ ඉඩකඩ ඇත.
ලෝකාස්වාදයේ විකල් මනස අසම්මතයන්හි ලොවට පුද කරන්නේ විකල් මනසක් හිමි ජීවියෙකි.
කේන්දර සටහනක පුත්‍ර ස්ථානය පස් වැන්නයි. දරු කාරකයා වන්නේ ගුරු ග්‍රහයායි. පස් වැන්නට, පස්වැන්න අධිපතියාට සහ ගුරු ග්‍රහයාට හිමි ග්‍රහ දෘෂ්ටි හඳුනා ගැනීම දරුඵල සඳහා ඉවහල් වෙයි.

ගුරු හයේ අටේ හෝ දොළහේ වීම එක් දරුවකු හෝ ගැබ තුළදී මාරක වීමට නියමයයි.
පස් වැන්න කුජගේ හෝ සෙනසුරුගේ දැකීමකට හසුවීම පස්වැන්නාධිපති දොළොස්වැන්නේද දොළොස්වැන්නාධිපති පස් වැන්නේද තැන්පත් වීම දරුඵල අහිමිවීමකි.

විසි දෙවැනි දෙර්කාණාධිපති පස්වැන්න දැකීමද පස් වැන්නේ සිටීමද දරුඵලවලට අසුබය. කාන්තාවකගේ කේන්දරයේ ග්‍රහ බලයම පමණක් දරුසැප අහිමිකරවීමේ හේතුකාරක නොවේ.
යහපත් වූ නැකැත් හිමි චාරිත්‍රානුකූල විවාහය යහපත්ය. එය දෝෂ භංග කරවයි. දෙදෙනාගේ ග්‍රහබලය යහපත් කොට බලවත් කර යුගදිවිය සාර්ථක කරවයි. සියල්ල යහපත්ව ලෝ සුවයේ යෙදෙන විට ස්ත්‍රියකගේ කුස තුළට අයහපත් පාපකාරී ගන්ධබ්බයකු ඇතුඵ නොවෙයි. ගබ්සාවීමක් හෝ මළ දරු උපත්, උපතේදී දරුවන් මියයෑම සිදු නොවේ. යුගදිවියෙහි දරුවන් නොලද කල්හි ගැහැනිය වඳ ගැහැනියකැයි හැඳින්වෙයි. එය වැරැදිසහගතය. වඳ ගැහැනුන් මෙන්ම වඳ පුරුෂයන්ද සිටියි. හත්වැන්න මරණයටද බලවත් වන්නේ විවාහය අසාර්ථක වූ විටය. හත්වැන්න මකර, කුම්භ හෝ වෘෂභ, තුලා රාශීන් වී එහි කේතු ග්‍රහයා සිටින ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම දරුඵල නැත. කේතුගෙන් පෙන්වන ලිංගික ශක්තිය දුබලකම එයට හේතුවයි. පොරොන්දම් නිසි අයුරින් ගැළපී යහපත් ග්‍රහ පිහිටීම් හිමි යුවළකහට වුවද දරුඵල අහිමිවිය හැකිය. දෙදෙනකුගේ ශරීරයන්හි දැඩි උෂ්ණකාරක බව දරුඵල හීනවීමට හේතුවකි. ශරීරයට ගනු ලබන ආහාරපාන ශරීරයේ උෂ්ණත්වය වඩවයි. වර්තමානයේ හාස්‍යයෙන් දකින යක්ෂ, භූත, ප්‍රේත ආදීන්ගේ බලපෑම ද යුවළකට පීඩාවකි. කඵ කුමාර යක්ෂ බැල්ම, දරු ගැබ් නොපිහිටීම, ගබ්සාවීම යන අවස්ථා ඇති කෙරේ. ඇතැම් ජ්‍යොතිෂ පරම්පරාවන්හි මේ සඳහා අත්දුටු සාර්ථකමය ප්‍රතිකර්මද ඇත. ක`ඵ කුමාර සමයම සහ යකුන් පිදීම වැනි ශාන්ති කර්මද සත්‍ය වූ ශාන්ති කර්මයන්ය.

වියළි ප්‍රදේශයක උෂ්ණකාරක රෝගයකින් පෙළෙන අයෙක් සිසිල් ප්‍රදේශයකට යෑමෙන් රෝග පීඩා පහවන්නේය. දරුඵල අහිමි යුවළක් සියලු ප්‍රතිකාරයන් හමුවේ යහපතක් නොලද තැන පරිසරය පිළිබඳවද විමසුම් කළ යුතුය. ශරීරය ප්‍රකෝප කරවන භූත කොටස් ප්‍රදේශය පරිසරය වෙනස් කිරීමෙන් පහව යන්නේය.

සෙනසුරු අපලයට විදෙස්ගත වන්නා සේ ශාරීරික මානසික දෝෂ පහවීමට පරිසරය වෙනස්කිරීම යහපත්ය. කේන්දරය සහ පරිසරය අනුව පලාපල ද වෙනස් වෙයි. දරුඵල අහිමිවීම ග්‍රහ පිහිටීම සහ පෙර කරුමය ලෙස දැකිය යුතු නොවේ.

සිත යහපත් කරගැනීමත්, ගත කරන දසා, අතුරු දසා පිළිබඳ අවබෝධයත්, පාරිසරික අපල සමනයත් දරුඵල පිළිබඳ සුබ සිහින ගෙන දෙයි. සිහින සිහිනයක් නොවන්නේ දෙදෙනාගේ ප්‍රාර්ථනාවන් අනුවය. ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තුවමය.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

හිටිහැටියේ එළියට ආපු කව්ද ‌මේ චන්ද්‍රසේන

Next Post

මාලදිවයින් කොමර්ෂල් බැංකුව සම්මාන ලබයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.