එතෙර සිට මෙරටට වෙස්ටර්න් යුනියන් හරහා එවන මුදල් මහජන බැංකුව වෙතින් ලබා ගන්නා ජයග්‍රාහකයින්ට රුපියල් 10000 බැගින් වූ වටිනා බඩු මලු ලබාදීමට දියත් කළ වැඩසටහනේ ඔක්තෝබර් සහ නොවැම්බර් දෙසැම්බර් මස දිනුම් ඇදීමෙන් ජය ලැබූ මහජන බැංකු කොළඹ පිටත ප්‍රාදේශිකයේ ජයග්‍රහකයින්ට තිළිණ පිරිනැමීම පසුගියදා සිදුකෙරිණි.
ඒ අනුව ගංගොඩවිල එස්.ඒ. සරත් දර්ශන ප්‍රියන්ජිත්, පන්නිපිටිය ආර්.එන්.ඩී. දිසානායක පියතුමා, පිළියන්දල මඩපාත දුමිඳු රන්දීර් විජයපාල සහ මොරටුව ශ්‍රීනාත් ජයනාත් යන ජයග්‍රාහකයින්ට වටිනා බඩු මලු ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් පිරිනමන ලදී.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ කොළඹ පිටත සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනියන් වන ප්‍රියංකා රත්නසිරි, විනෝදනී පීරිස්, මහරගම ශාඛා කළමනාකාරිනී ඩබ්ලිව්.ඩී.එස්. ජයන්තිකා, පිළියන්දල නගර ශාඛා කළමනාකාරිනි හරින්දනී අබේවික්‍රම, ගංගොඩවිල ශාඛා කළමනාකාරිනි කුසලා සමරවික්‍රම, මොරටුමුල්ල ශාඛා කළමනාකාරිනි දිලිනි අයිලප්පෙරුම යන මහත්මීන් සහ බැංකු කාර්යමණ්ඩලය සහභාගි වූහ.











