සම්පත් බැංකුව සිය නව්‍ය බැංකුකරණ හැකියාවන් තුළින් වඩා වැඩි සේවාවක් ලබා දීම වෙනුවෙන් ජෝන් කීල්ස් ප්‍රොපටීස් සහ ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් එකමුතුවෙන් කොළඹ යුනියන් පෙදෙසේ ඉදිවන TRI-ZEN සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය සමඟ ගිවිසුමකට එළඹෙන ලදී.
ජෝන් කීලස් සමූහය හා ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් සමඟ වන දිගු කාලීන සබඳතාව මත පදනම්ව සම්පත් බැංකුව මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සමඟ එක් වෙමින් ඉදිරි කාලයේදී TRI-ZENහි නිවාස මිලදී ගනු ලබන ගැනුම්කරුවන්ට අවශ්‍ය මූල්‍ය විසඳුම් ලබාදීමට අපේක්ෂා කරනු ලබයි.











