ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සහ දුරකථන සේවා සැපයුම්කරුවා වන SLT-Mobitel, මෙරට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් අසමසම සබඳතා විසඳුම් ලබා දෙමින් ග්‍රාමීය ප්‍රදේශ සවිබලගැන්වීමේ අරමුණින් දියත් කරන ‘ගමට සන්නිවේදනය‘ ව්‍යාපෘතියට සහය දෙමින් තවත් ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරන ලදී.
මෙම ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ උළෙල රත්නපුර ඉහළගලගම කඳුකර ග්‍රාමයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව හා SLT-Mobitel නියෝජනය කරමින් සම්භාවනීය අමුත්තන් රැසක් මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) රත්නපුර දිස්ත්‍රික් කාර්යාලය සහ ලංකා විදුලිබල මණ්ඩලය ආදී රජයේ ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අරමුණ වන සමස්ත ශ්‍රී ලංකාවම 4G/බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම මෙම ‘ගමට සන්නිවේදනය‘ ව්‍යාපෘතිය මගින් සාක්ෂාත්වන බව හැඳින්විය හැකිය. මෙම ජාතික දැක්ම මැනවින් අවබෝධ කරගනිමින්, SLT-Mobitel මෙම ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගැනීමට පෙරමුණ ගෙන ඇත.