ඇල්ල පහුකරලා බදුල්ල පැත්තට යද්දි පාරේ වම් අතපැත්තේ තියෙන තමිල් අරිසිගෙ හෝටලය ඒ පළාතේ කාට කාටත් බොහොම හුරු පුරුදුයි. තමිල් අරිසි හෝටලය පටන් ගන්න ඉස්සෙල්ලා ෂෝට්ඊට්ස් කරත්තේ කරන කාලේ ඉඳලා ඇගේ කෑම නොකාපු කෙනෙක් ඒ පළාතේ ඉන්නවා නම් ඒ ජීවිතේට කඩේකින් කෑම නොගැනීමේ ප්‍රතිපත්තියක උන්නු කෙනෙක් විතරයි. ඇල්ල කඳු වළල්ල සුදු පාටින් මීදුම් සළු පොරවගත්තු හැන්දෑවක උණුම උණු තේ එකක් බිබී අපි තමිල් අරිසිත් එක්ක කතා කළා. ඒ වඩේ කරත්තෙන් අරඹා HNB FINANCE හි සහාය ඇතිව හෝටල් දෙකක හිමිකාරිනියක වීම දක්වා ඇය පැමිණි සාර්ථකත්වයේ ගමන ගැනයි.
මගේ උපන් ගම මල්වත්ත. ජීවිතේට ටික ටික ආර්ථික ප්‍රශ්න එකතුවෙද්දි පවුලෙ බරට වාරුවක් වෙන්න ඕනේ කියලා මගේ හිත මට කිව්වා. බදුල්ල බණ්ඩාරවෙල මහ පාරට කිට්ටුව අපේ ගේ තිබුණු නිසා මම හිතුවා කෑම වර්ග හදලා පාර අයිනෙ තියාගෙන විකුණන්න පුළුවන් නම් කියලා. ඒකට කඩයක් කුලියටවත් ගන්න ඒකාලේ මට වත්කමක් තිබුණෙ නෑ. මං කළේ ෂෝට්ඊට්ස් වර්ග හදාගෙන කෑම කරත්තයක තියාගෙන විකුණපු එක. මේ කාලෙම තමයි මට HNB FINANCE සමාගම ගැන දැනගන්න ලැබුණේ. HNB FINANCE සමාගමේ දිරිය ණය මුදල සහ ඒ කණ්ඩායම් ණය ක්‍රමයේ තියෙන වාසි ගැන මට දැනගන්නට ලැබීමත් එක්ක මම හිතුවා ඒ ණය ක්‍රමයෙන් මට ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න ලොකු අත්වැලක් ලැබේවි කියලා. මම මුලින්ම රුපියල් 5000 ඉඳන් ණය මුදල් ලබාගත්තා. සල්ලි ටිකක් එකතු කරගෙන HNB FINANCE සමාගමෙන් අඩුපාඩුවට ණය මුදලකුත් අරන් ඇල්ල හන්දියට කිට්ටුවෙන් මේ කඩ කෑල්ල ගත්තේ මගේ ඒ හීනේ හැබෑ කරගන්නයි.
අද වෙද්දි මට මගේම හෝටලයක් සහ කෑම කඩයක් පවත්වාගෙන යාමට හැකිවෙලා තියෙනවා.











