• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

විල්ලු අලි රජ කරන වස්ගොමුව

November 2, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
විල්ලු අලි රජ කරන වස්ගොමුව
Share on WhatsAppShare on Facebook

පාරිසරික විවිධත්වය සහ ජෛව විවිධත්වය අතින් ඉතාම ඉහළ වටිනාකමක් සහිත තවත් ජාතික වනෝද්‍යානයක් වන වස්ගමුව ගැන තමයි මේ සතියේ කැලෑ කොලමෙන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අවතැන් වූ වනසත්ව ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා 1984 දී තමයි වස්ගොමුව ජාතික වනෝද්‍යානයක් ලෙස නීතිගත කළේ. නමුත් ඊට පෙර 1938 සහ 1970 වසරවලදී මේ භූමිය සංරක්ෂණය කළ යුතු බවට යෝජනා සහ මූලික අඩිතාලම සකස් වෙලා තියෙනවා.
විශේෂයෙන්ම අනෙක් ජාතික වනෝද්‍යාන සමඟ සසඳලා බලද්දී, ගංගාධාර පද්ධතියකින් සමන්විත වුණු වනෝද්‍යානයක් ලෙස වස්ගොමුව හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මහවැලි ගඟ සහ අඹන් ගඟ වස්ගොමුව පෝෂණය කරමින් ගලා බහිනවා. ඒ අතරින් මහවැලි ගඟ ආශ්‍රිතව තමයි වස්ගොමුවේ ප්‍රධාන පෝෂක කලාපය පිහිටලා තියෙන්නේ. ඒ හේතුවෙන් වෙනත් ජාතික වනෝද්‍යානවල පිහිටි ශාකවලට වඩා හොඳින් වැඩුණු විශාල ශාක වස්ගොමුවට යන සංචාරයකුට දැක ගන්න පුළුවන්. ඒ අතරේ පිහිටා ඇති ඇතැම් කුඹුක් ගස්වල වට ප්‍රමාණය අඩි 60කටත් වඩා වැඩියි. සාමාන්‍යයෙන් එක වර පුද්ගලයන් 10 දෙනකුටත් වට කරන්න බැරි තරමට ඒ ශාක විශාලයි. මහවැලි ගඟෙන් ලැබෙන පෝෂණය තමයි ඒ සඳහා ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙන්නේ.
වස්ගමුව යන නම ලැබීම පිළිබඳවත් මතිමතාන්දර කිහිපයක් තියෙනවා. වලසුන් විශාල ප්‍රමාණයක් ජීවත් වීම නිසාවෙන් වලස්ගොමුව ලෙස නම් තබා පසුව එය වස්ගොමුව බවට පත් වීම ඒ අතරින් එක් මතයක්. ඊට අමතරව විල්ලු විශාල ප්‍රමාණයක් පිහිටා තිබීම මත භාවිතයට එක් වූ විල්ගොමුව යන නම පසුව වස්ගොමුව බවට පත් වූ බව තවත් මතයක්. එම මතයට එක් සාක්ෂියක් සපයමින් විල්ගොමුව නමින් ගම්මානයක් අදටත් වස්ගොමුව ජාතික වනෝද්‍යානය අසල පිහිටලා තියෙනවා.
කොළඹ සිට වස්ගොමුව දක්වා යෑම සඳහා ප්‍රධාන වශයෙන් මාර්ග දෙකක් භාවිතා කරන්න පුළුවන්. කොළඹ, මහියංගණය ප්‍රධාන පාරේ ගොස් හසලක නගරයෙන් හැරී විල්ගොමුව හරහා වස්ගොමුවට ළඟා වීම ඒ අතරින් එක් මාර්ගයක්. ඊට අමතරව දඹුල්ල හරහා බකමූණට ගොස් එතැනින් වස්ගොමුව කරා ළඟා වෙන්නත් හැකියාව තියෙනවා.
වර්තමානයේදී මේ මාර්ග දෙකම ඉතාම හොඳ තත්ත්වයේ පැවතුණත් වස්ගොමුව කියන්නේ තවමත් අපේ රටේ බොහෝ දෙනකු සංචාරය කරන ඉසව්වක් නෙවෙයි. ඒ හේතුව හින්දම අදටත් වස්ගොමුව ලංකාවේ අනෙක් ජාතික වනෝද්‍යාන තරම් පාරිසරික විනාශයකට ලක් වෙලා නැහැ. නමුත් අනෙක් ජාතික වනෝද්‍යානවල දැක ගන්න ලැබෙන සෑම සත්වයෙක්ම වස්ගොමුවෙදිත් දැක ගන්න පුළුවන්.
රංචු වශයෙන් සැරිසරන විල්ලු අලි තමයි ඒ අතරින් ප්‍රධාන වෙන්නේ. මේ ආකාරයේ විල්ලු අලි රංචු 150ක්, 200ක් පමණ වස්ගොමුවේදී දැක ගන්න පුළුවන්. මේ විල්ලු අලි ලංකාවේ අනෙක් ජාතික වනෝද්‍යානවලදි අපි දකින අලින්ට වඩා තරමක් වෙනස්. මේ විල්ලු අලි හොඳින් වැඩුණු සහ පෘශ්ඨිමත් කොට්ඨාසයක්.අලි ඇතුන්ට අවශ්‍ය පෝෂක ආහාරවලින් වස්ගොමුව පිරී ඉතිරී තිබීම තමයි එයට හේතුව. විල් අලින්ගේ ආහාර ගැන කතා කිරීමේදී වස්ගොමුවටම ආවේණික ඇබේ ගැන කතා අමතක කරන්න බැහැ. එක්තරා කාලයක ගංගා ජලයෙන් යට වෙන සහ පසුව ඒ ජලය බැස යන ප්‍රදේශ තමයි මේ ආකාරයෙන් ඇබේ ලෙස හඳුන්වන්නේ. නෙළුම් ඇබේ නැමැති එවැනි එක් ප්‍රදේශයක් බොහෝ අවස්ථාවල මුළුමනින්ම නෙළුම් මලින් පිරී ගොස් තිබෙනවා. නමුත් ජලය දැක ගන්න නැහැ. මේ ආකාරයේ ඇබේ නැමැති ප්‍රදේශවල අලින් කැමැති විශේෂ තෘණ වර්ග විශාල වශයෙන් වැවෙනවා. ඒ වගේම වස්ගොමුවට එන සංචාරකයන්ගේ ප්‍රමාණය අඩු වීම හින්දම උන් මිනිසුන් ඉදිරියේ යම් කිසි කලබලකාරී සහ ප්‍රචණ්ඩ බවක් දක්වනවා.
වස්ගොමුවේ ජීවත්වෙන විල්ලු අලින්ගේ ජීවන චක්‍රයත් විශේෂ එකක්. වස්ගොමුවට හොඳින් වර්ෂාව ලැබෙන වසන්ත කාලයට එහි ජීවත්වන වන අලි වර්ෂාව නොලැබෙන කාලවලදී මහවැලි ගඟ හරහා පොළොන්නරුවට නුදුරින් පිහිටි ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා කවුඩුල්ල දක්වාම ගමන් කරනවා. වස්ගොමුවට වර්ෂාව ලැබෙන කාලයේදි ඒ අලි නැවතත් තමන්ගේ නිජ භූමිය කරා ගමන් කරනවා. මෙය වාර්ෂිකව සිදුවන දෙයක් බව පර්යේෂකයන් සොයා ගෙන තියෙනවා.
වස්ගොමුව ජාතික වනෝද්‍යානයට ලැබෙන ඓතිහාසික වටිනාකමත් සුළුපටු එකක් නෙවෙයි. එහි පිහිටා තිබෙන යුදගනා පිටියේ එළාර- දුටුගැමුණු යුද්ධය සිදුවූ බව එක් පුරාවෘත්තයක්. ඒ වගේම වස්ගොමුවේ පිහිටි මීටර් 450ක් පමණ උස සුදුකන්ද සම්බන්ධ පුරාවෘත්තය රාවණා යුගය තෙක්ම දිව යනවා. නමුත් මේ කිසිවක් තවම නිශ්චිත වශයෙන් සනාථ වී නොමැති බවත් පැවසිය යුතුයි.
මේ හැම දෙයක් එක්කම වස්ගොමුවට හිමි වෙන වටිනාකම වැඩි වෙලා තියෙනවා. අලි ඇතුන් පමණක් නෙවෙයි වස්ගමුවේ තවත් සත්ව විශේෂ ගණනාවක් ජීවත් වෙනවා. ඒ හැම දෙයක් එක්කම වස්ගොමුව ගැන තවත් බොහෝ තොරතුරු අපි ලබන සතියේ කැලෑ කොලම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

සමන් හල්ල‌ොලුව

SendShareShare
Previous Post

පාරම්පරික වෙදකමට මනුසත්කාරයක්

Next Post

බ්‍රැන්ඩික්ස් එකෙන් මාළුකඩේට මාරුවුණු කොරෝනා මාරයා

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.