Uber ඉන්දියා සහ දකුණු ආසියානු කලාප සඳහා සභාපති ලෙස ප්‍රබ්ජීත් සිං මහතා පත්කරන ලද බව Uber සමාගම අද දින නිවේදනය කළේය. ඒ අනුව ඒ මහතා මින් ඉදිරියට ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන රටවල Uber සමාගමේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීමත් ධාවකයන් සහ රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් සම්බන්ධ ප්‍රධාන වගකීම දරනු ඇත. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකර තිබේ.
මෙම නිවේදනය නිකුත් කරමින් Uber සමාගමේ ආසියා පැසිෆික් කලාපය සඳහා සාමාන්‍යධිකාරී ප්‍රදීප් පරමේස්වරම් මහතා මෙසේ පැවසීය. “Uber ඉන්දියා සහ දකුණු ආසියානු කලාප සඳහා මගෙන් පසුව පත්වන නව සභාපතිවරයා ලෙස ප්‍රබ්ජීත් සිං මහතා නම්කර ඇති බව මා දැනුම්දෙන්නේ ඉතාමත් සතුටින්. මෙය අපට ක්‍රමෝපායික වශයෙන් අතිශයින් වැදගත් සහ අප වේගයෙන් දියුණු වෙමින් සිටින කලාපයක්. ඒ වගේම ප්‍රබ්ජීත් සිං මහතා ඉතාමත් උද්යෝගීමත් සහ නිර්මාණශීලී චින්තනයක් සහිත නායකයෙක්. ඔහු Uber සමාගමේ මුල් අවධියේ සිටම එය Ride-sharing ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත්වීම දක්වා පැමිණි ගමනේදී විශාල කාර්යභාරයක් ඉටුකළා. මෙම නව තනතුරේදීත් විශිෂ්ට දස්කම් දක්වමින්, සමාගම ලාභදායීත්වය කරා ගෙනයමින්, ප්‍රවාහන සේවා බලධාරීන් සමග අප ගොඩනංවාගෙන ඇති සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින්, අපගේ සේවාවන් නව නගරවලටත් ව්‍යාප්ත කරමින්, Uber නාමය තව තවත් ඉදිරියට ගෙනයාමට කටයුතු කරනු ඇති බව මට විශ්වාසයි.”











