ශ්‍රී ලංකාව තුළ විශිෂ්ටතම බහු-භාෂා අධ්‍යාපාන අවස්ථාවන් පිරිනමන අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛතම ආයතනයක් වන ප්‍රංශ ජාත්‍යන්තර පාසල ලෙසින් ප්‍රකට, École Française Internationale De Colombo (EFIC) පසුගියදා සිය 40 වැනි සංවත්සරය සැමරීය. හැව්ලොක් පාරට, පයිෆ් පාරට සමීපව හා බේස්ලයින් පාරට සමීපව කොළඹ 05, පාර්ක් පාරෙහි පිහිටා ඇති ප්‍රංශ ජාත්‍යන්තර පාසල 1979 වසරේ පිහිටුවීමෙන් අනතුරුව දැනට දශක හතරක් පුරා ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධික්ෂණයෙන් යුතුව, ශ්‍රී ලංකාව තුළ ප්‍රංශ අධ්‍යාපනය ලබා දීමෙහි පුරෝගාමීන් ලෙසින් කටයුතු කරමින් සිටියි. EFIC බහු-භාෂා අධ්‍යාපන පාසල සඳහා 2020 සැප්තැම්බර් මස නවක සිසු-සිසුවියන් බඳවා ගැනීම සඳහා දැන් අයදුම්පත් කැඳවා තිබේ. ප්‍රංශයේ විදෙස් අධ්‍යාපනය සම්බන්ධ ඒජන්සිය වන Agence pour lzEnseignement Français à lzEtranger (AEFE) හි අනුමැතියද මීට හිමි වී තිබේ. AEFE යනු ප්‍රංශයේ යුරෝපා හා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අධීක්ෂණයට ලක් කෙරෙන අධ්‍යාපන ආයතන හා උසස් අධ්‍යාපන ආයතනවලින් සමන්විත ශක්තිමත් ජාලයකි. එමගින් ලොව පුරා විශිෂ්ටතම අධ්‍යාපන අවස්ථාවන් පිරි නැමෙන අතර, රටවල් 139ක ආසන්න වශයෙන් පාසල් 522ක, 370,000ක සිසුන් පිරිසකට සෙවණ සැලසේ.











