රට තුළ පවතින දුර්වල පාලනය හේතුකොටගෙන අපරාධ රැල්ලක් මතුව ඇති බවත්, කැලෑ නීතිය රජ කරන බවත් සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආණ්ඩුව ජනතාව ජීවත් කරවනවා වෙනුවට මනුස්සකම ඉවත දමා ආණ්ඩුවේ න්‍යාය පත්‍රය දියත් කරමින් සිටින බව ද ඒ මහතා පෙන්වා දෙයි.
මේ හේතුව මත ජනතාව අද අවිනිශ්චිතතාවකින් යුතුව ජීවත් වන බවද ප්‍රේමදාස මහතා කියා සිටියේය.










