කෙරවලපිටියේ සිට කොළඹ පෝර්ට් සිටිය දක්වා පොළොව යටින් දිවෙන කිලෝවෝල්ට් 220ක කේබල් ව්‍යාපෘතිය සදහා ලබා දීමට නියමිතව තිබූ ආධාර මුදල අත්හිටුවීමට ජපානය තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම වසර මුලදී කරන ලද ඉල්ලීමක ප්‍රතිපලයක් ලෙස ජපාන ආධාර සමාගම වූ ජයිකා ආයතනය මෙම ව්‍යාපෘතිය සදහා ආධාර ලබා දීමට ඉදිරිපත්ව තිබිණ.
නමුත් මේ වනවිට එම ව්‍යාපෘතියට ආධාර දීම නවතා ඇති ජපාන රජය ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබද පැහැදිලි කිරීමක් සහ ලංකාවේ ණය තත්ත්වය පිළිබද කරුණු විමසීමක් කර ඇත.










